මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිත දිග මෝසම දිවයිනේ ස්ථපිතයි

    ජූනි 09, 2023

    නිරිත දිග මෝසම දිවයිනේ සම්පුර්ණයෙන්ම ස්ථාපිත වී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වල ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහකොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඌව පළාතේ අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya