මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතානායකවරයා ගත් ස්ථාවරය නිසා පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා වුණා- ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක

    ජූනි 08, 2023

    පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා පත්කිරීම සම්බන්ධ කාරණයේ දී කතානායකවරයා ගත් ස්ථාවරය නිසා පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා වූ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් අද (8) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ
    ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

    වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැවසුවේ,

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා වැරදි අර්ථකථනයක් දුන්නා. අපි හර්ෂ ද සිල්වා මැතිතුමාට සුබ පතනවා.මේ කාරණයෙදි කතානායකතුමා ගත්තු ස්ථාවරය නිසා පාර්ලිමේන්තුවෙ ගරුත්වය රැකුණා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට තමයි මුදල් කාරක සභාවේ සභාපතිවරයා පත්කිරීමේ බලය තියෙන්නේ. තේරීම් කාරක සභාවේ අපි ඔක්කොම වාඩි වෙනවා. අපි මුල ඉඳන්ම කිව්වා මේක විපක්ෂයට දෙනව කියල. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කරන්නෙ නැති බවත් කිව්වා. මෙතන තිබුණයි කියන කුමන්ත්‍රණය ඇති කළේ විපක්ෂයයි. මයන්ත දිසානායක මැතිතුමා මේක භාරගත්තා. ඒ වගේම පාර්ලිමේන්තු ආශිංක කමිටු 17න් කමිටු 8ක සභාපතිකම් දුන්නා.ජනාධිපතිතුමා උත්සාහ ගන්නේ සියලුම දෙනා එකතුකරගෙන එකට ගමනක් යන්නයි. හැබැයි මෙතනදි ජනාධිපතිවරයා මැදිහත් වුනේ මුදල් ඇමතිවරයා හැටියට මිසක ජනාධිපතිවරයා හැටියට නෙවෙයි. දැන් මේක කියව කියව ඉන්නෙ නැතුව හර්ෂ ද සිල්වා මැතිතුමාට වැඩ කරගෙන යන්න දෙන්න. ඒක කරන්නෙ නැතුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විරසක කරල වැඩ කරන්න නොදෙනවද කියල සැකයක් තියෙනවා. නමුත් අපි කමිටුවක් විදියට හර්ෂ ද සිල්වා මැතිතුමාට වැඩ කරගෙන යන්න දෙනවා''යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya