මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු කම්කරුවන්ගේ ජීවන මට්ටම නගා සිටුවීම රජයේ වගකීමක්- වතු සමාගම්වල දායකත්වය ලබා ගනිමින් ඒ සඳහා නව වැඩසටහන්

    ජූනි 08, 2023

    ආර්ථික වශයෙන් අමාරු අවධියක වුවද වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන් සඳහා රුපියල් 1000ක දීමනාව ලබා දුන් බවත්, ඒ සඳහා මැදිහත් වූ එකම රජය මෙම රජය බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද(08) පාර්ලිමේන්තුවේදි පැවසීය.

    තේ කර්මාන්තයේ සේවය කරනු ලබන ශ්‍රමිකයින් ද අද ගැටලු රාශියකට මුහුණ දී ඇති බවත්, බොහොමයක් වතු නිසි පරිදි කළමනාකරණය නොකිරීම නිසා වල් වැදී ගොස් සත්ත්වයින්ගෙන් සිදුවන හානි වැඩි වී ඇති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් , රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය..

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යවරයා පැවසුවේ, අද වන විට බොහෝ වතු සමාගම් තමන්ගේ කාර්ය භාරය පැහැර ඇති බවත් ඔවුන්ගෙන් තේ නිෂ්පාදයනට ලැබෙන දායකත්වය අඩු වී ඇති බවයි. වතු කම්කරුවන් දුක්ඛති ජීවිතයක් ගත කරන පිරිසක් බවත් ඔවුන්ගේ ජීවන මට්ටම ඉතා පහළ මට්ටමක පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය. වතු කම්කරුවන්ගේ ජීවන මට්ටම නගා සිටුවීම රජයේ වගකීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි කාලයේදී, වතු සමාගම්වල දායකත් වය ලබා ගනිමින් ඒ සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

    වගා නොකරන ඉඩම් වතු ජනතාවට ලබා දෙමින් ඉදිරියේදී මෙම ක්ෂේත්‍රය දියුණු කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය

    මෙම වසරේ අප්‍රේල් මාසය වන විට ඩොලර් මිලියන 408ක්, තේ දළු අපනයෙන් ලැබී ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව වැඩි වී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබිනට මණ්ලයේ අනුමැතිිය සහිතව තේ මණ්ඩලය සතු ප්‍රවර්ධන අරමුදලින් 50%ක් තේ වගාව සඳහා යොදවා තිබේ.

    ඒ අනුව නව තේ තවන් දහසක් ඇති කර ඇතැයිද හෙතෙම කීය පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ තේ ඉල්ලුමෙහි අඩු වීමක් ඇති වී තිබෙන බවත්, ඉරානයේ තේ ඉල්ලුම අඩු වි තිබීම මීට හේතුව බව ත් වැවිල් කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙරට තේ වෙළෙඳපළවල් සියල්ල යුධ තත්වයන්ගෙන් පීඩාවිඳින බවත් ඉරානය,ඉරාකය,රැසියාව, යුක්රේනය තුර්කිය වැනි රටවල් අතුරින් තුර්කිය හැර අන් සියළු රටවලට ගැටලු ඇති වී ඇතැයිද කීය.එහෙත් ඉරානයේ තෙල් වෙනුවට ගෙවීමට ඇති ණයක් වෙනුවෙන් තේ අපනයනය කිරීමේ ගිවිසුමක් අත්සන් කර ඇතැයිද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya