මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව බලාපොරොත්තු වූ බැංකු පොළී අනුපාත අඩු වීම ඉක්මනින් බලාපොරොත්තු විය හැකියි- රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    ජූනි 08, 2023

    උද්ධමනය පහළ යාමේ වේගය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් සිදු වන බවත්, ඒ අනුව හැකි ඉක්මනින් ජනතාව බලාපොරොත්තු වූ බැංකු පොළී අනුපාත අඩු වීම ඉක්මනින් බලාපොරොත්තු විය හැකි බව සමෘද්ධි, ගෘහ ආර්ථීක, ක‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    අද(08) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ලලිත් වර්ණපුර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය මැයි 31 දින මහ බැංකුව විසින් පොළී අනුපාත අඩු කිරීමක් සිදු වුණා. පසුගිය මාස කිහිපය තුළ පොළී අනුපාතයන් අඩු වීමේ වැඩිම අගය ඊයේ දිනයේදී වාර්තා වුණා.

    ආර්ථික ගොඩ නැගෙන ස්ථාවරත්වය තුළ භාණ්ඩාගාර බිල්පත් සඳහා හොඳ ඉල්ලුමක් ලැබී ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඉදිරිපත් කළ දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා තුන්ගුණයක හොඳ ඉල්ලුමක් ලැබී ඇති බව පැවසීය. මේ තුළින් ආර්ථික ස්ථාවරත්වයක් පෙන්නුම් කරන බවත්, ස්ථිර තැන්පතු සදහා පොළී අනුපාත අඩු වී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya