මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජුනි මාසය අවසන් වන විට විදුහල්පති සේවයේ පුරප්පාඩු 4718ක් සම්පූර්ණ කිරීමට පියවර

    ජූනි 08, 2023

    ජුනි මාසය අවසන් වන විට විදුහල්පති සේවයේ පුරප්පාඩු 4718ක් සම්පූර්ණ කිරීමට රජය කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විදුහල්පති සේවය සඳහා බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට පැවැත් වෙන බවත් එම සම්මුඛ පරීක්ෂණ ජුනි 15 දින වන විට අවසන්කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය. පාර්ලිමේන්තුවේදී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    නියමිත කාල වල විභාග පවත්වා බඳවා ගැනීම් නොකිරිම නිසා, මෙළෙස විදුහල්පති පුරප්පාඩු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩුවක් හේතුවෙන් අදාළ පත්වීම් ලබා දීමට නොහැකි වූ බවත්, එහෙත් මේ වන විට එම නඩුව සමථයකට පත් කර ඇතැයිද කීය. ඒ අනුව එළඹෙන ජූනි මාසය අවසන් වන විට එම විදුහල්පති පුරප්පාඩු පිරවිමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

    තවද පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා , එළඹෙන 16 වෙනිදා ගුරුවරු 7500කට පත්වීම් ලබා දීමට නියමිත බවද හෙතෙම පැවසීය. 2019/2020 වසර වල විද්‍යාපීඨ සඳහා බඳවා ගත් පිරිසට මෙළෙස පත්වීම් ලබා දේ. ඒ අනුව නව පත්වීම් ලබන ගුරුවරු එළඹෙන ජුනි 19වන දා සිට පාසල් වලට වාර්තා කළ යුතුව තිබේ. තවද ඉදිරියේදී ගුරුවරු බඳවා ගැනීමේදී පළාත් මට්ටමින් තිබෙන ගුරු හිගයන් පියවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමින් එම බඳවා ගැනීම් සිදු කරන බවද හෙතෙම පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya