මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ දිනවල සෑදෙන උණ සඳහා පැරසිටමෝල් නොවන ඖෂධ භාවිතා කරන්න එපා - විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක

    මැයි 19, 2023

    මෙම දින වල සාමාන්‍ය වෛරස් උණ, ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙස්නා වශයෙන් උණ වර්ග 03ක් පැතිර යන බවද, ඔබට වැළඳී ඇති උණ කුමක් වුවද ඒ සඳහා පැරසිටමෝල් නොවන ඖෂධ භාවිතා නොකරන ලෙස කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ,(17) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

    මෙම දිනවල ඩෙංගු රෝගයද අධික ලෙස ව්‍යාප්ත වන බව කියා සිටි විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා, ඔබගේ වෛද්‍යවරයා ඔබට උණ සඳහා යම්කිසි වේදනා නාශකයක් ලබාදෙනවා නම් එය පැරසිටමෝල් නොවන වේදනා නාශකයක්ද යන්න වෛද්‍යවරයාගෙන් අසා දැනගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

    පැරසිටමෝල් නොවන වේදනා නාශකයක් ගතහොත් ඩෙංගු වැළඳී ඇතිනම් එය රක්තපාත තත්ත්වයට පත් වුවහොත් එයින් අක්මාව නරක්වීමේ සහ මරණයට පත්වීමේ හැකියාව ඉහල යාහැකි බවද අවධාරණය කළේය.

    ඩෙංගු රෝගය බෝවීම වැළැක්වීම අත්‍යවශ්‍ය කොට්ඨාශයක් වශයෙන් ගර්භණී මවුවරුන් හැඳින්විය හැකි බව කියා සිටි විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා ගර්භණී මවුවරුන්ට ඩෙංගු වැළඳුනහොත් එය ඉතා භයානක තත්ත්වයකට යාහැකි නිසා මදුරු විකර්ෂක ආලේප භාවිතා කරන ලෙසද ඉල්ලා සිටියේය.

    බන්ෆ්ලුවෙන්සා රෝගය ඉතා තද ලෙස පැතිරී යන බවද, හොඳ ප්‍රතිශක්තීකරණයක් ඇති අයට මෙය වැළඳුනහොත් දින දෙක තුනක උණ සහ ඉදිරි කාලයක් පවතින කැස්සක් පැවතිය හැකි බවද සඳහන් කළේය.

    දීර්ඝ කාලීන ශ්වසන රෝග ඇති අයට මින් විශාල ගැටලු මතු නොවන බවද ශ්වසන රෝග ඇති අයට මෙන්ම වයස්ගත පුද්ගලයන්ට ඉන්ෆ්ලුවෙන්සා සඳහා ලබාදෙන ප්‍රති වෛරස ඖෂධ සියලුම රජයේ රෝහල් වල පවතින බවද පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya