මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක්

    මැයි 18, 2023

    මෙරට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරිම සඳහා වු අරමුණින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයත්, බුද්ධ ශාසන දෙපාර්තමේන්තුව විසින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා ඉංග්‍රීසි භාෂා පාඨමාලාවේ පළමු අදියර බුද්ධශාසන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (16) දිනයේ බුද්ධශාසන ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

    දිවයිනේ විවිධ ප්‍රදේශ තුළින් වැඩම කෙරෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ලා සහ සිල් මෑණිවරුන් වෙනුවෙන් පහසුකම් සපයමින් online සහ නේවාසික ඉංග්‍රීසි පාඨමාලා අදියර දෙකක් යටතේ සිදුකිරීමට නියමිතය. මේ සඳහා පලමු අදියරේ දී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ලා සහ සිල් මෑණිවරුන් 150ක් තෝරා ගෙන තිබේ.

    යුරෝපා රටවල් ඇතුළු ලෝකයේ බොහෝ රටවල් තුළ මේ වන විට බුද්ධ ධර්මය පිළිබඳ හැදෑරීමට සහ ධර්මාවබෝධය ලබාගැනීමට මහත් උද්‍යෝගයක් දක්නට ලැබෙන අතර එම රටවල් හී ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම දේශනා පැවැත්විය හැකි මහා සංඝරත්නයේ අවශ්‍යතාවතාවය මේ වනවිට දැඩිව තිබේ.

    මෙම අවස්ථාව සඳහා කෝට්ටේ මහමෙව්නා විහාරවාසී පූජ්‍ය තලාවේ අතුලදස්සන ස්වාමින් වහන්සේ, පාඨමාලා සම්බන්ධීකාරක සංවර්ධන නිලධාරී ( බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ) පූජ්‍ය කොලොන්නාවේ නාරද ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවණීය පාඨමාලා අපේක්ෂිත ස්වාමින් වහන්සේලා හා දසසිල් මාතාවන් සහභාගී විණි.

    බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා, පාඨමාලා සම්පත් දායක දේශක කිත්සිරි ආනන්ද මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya