මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා කළමනාකරණ අංශය ගෝලීය ප්‍රමිතින්ට සමගාමීව දියුණු කිරීමට අවශ්‍යයි

    මැයි 17, 2023

    ආපදා කළමනාකරණ අංශය ගෝලීය ප්‍රමිතින්ට සමගාමීව දියුණු කිරීමට අවශ්‍ය බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

    ආපදාවලින් පීඩාවට පත් රටවලට සහය වීම සඳහා ගෝලීය ප්‍රතිචාර දක්වන්නෙකු ලෙස  මෙරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට අදහස් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එක්සත් ජනපද ජාතික ආරක්‍ෂක බළකායේ නියෝජිත පිරිසක් සමඟ අද(17) ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සිවිල්-හමුදා සම්බන්ධීකරණය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා හමුදාව ක්‍රමානුකූලව නිවැරදි ප්‍රමාණයට පවත්වාගැනීමට කටයුතු කරන බව පැවසීය. කාර්යක්‍ෂමතාව සහ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා නව තාක්‍ෂණයන් අනුගමනය කිරීමේ වැදගත්කම  පෙන්වා දුන්නේය.

    ආපදා තත්ත්වයන්හිදී පුහුණුවීම් සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේදී උපායශීලී සහ ක්‍රියාකාරී මට්ටමින් සහය වන බව එක්සත් ජනපද නියෝජිත කණ්ඩායම් ප්‍රධානී, මේජර් ජෙනරල් ජෝන් පී රොනෙක් (Maj. Gen. John P Hronek) පැවසීය.

    හානි අවම කිරීම සඳහා ගොඩනැගිලි කේතයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම සහ ජංගම දුරකථන හරහා අනතුරු ඇඟවීමේ පද්ධතියක් හඳුන්වාදීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් වූ මාතෘකා අතර විය.

    මොන්ටානා ප්‍රාන්තයේ සහකාර ජෙනරාල් වන මේජර් ජෙනරල් ජෝන් පී රොනෙක් මොන්ටානා ජාතික ආරක්‍ෂක බළකායේ අණදෙන නිලධාරියා සහ හමුදා කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ලෙස සේවය කරයි.

    ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානාරච්චි මහතා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ, කොළඹ පිහිටි ඇමෙරිකානු

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya