මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජා සවිබල ගැන්වීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලික අරමුණ මෙන්ම වගකීමයි..

    මැයි 17, 2023

    ප්‍රජාව සවිබල ගැන්වීම, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලික අරමුණ මෙන්ම වගකීම වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. සමෘද්ධි බැංකු පද්ධතිය නියාමනය කිරීම පිළිබඳව අද(17) මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සමෘද්ධි බැංකු පද්ධතිය සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් විවිධ ගැටළු මතු වී තිබූ ආකාරය රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපතිතුමාගේ උපදෙස් මත, ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය පසුබිම රජය විසින් සකසා ඇති බවත්, ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය නිසි නියාමනයකට ලක් කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    මෙම ක්‍රමවේදය තුළින් රැකියා සුරක්ෂිතභාවය කෙරෙහි කිසිදු බලපෑමක් හෝ සමෘද්ධිබැංකු පද්ධතියට අගතියක් හෝ සිදු නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්මේන්තුව විසින් පූර්ණ කාලීනව කටයුතු කළ යුතු බව අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා, ආයතනයේ කාර්ය සාධනය මැනීමේ දී ප්‍රජාව බලගැන්වීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙන බව ද සඳහන් කළේය.

    එමෙන්ම සමෘද්ධි බැංකු පද්ධතිය නියාමනය කිරීමට ගත යුතු පියවරයන්, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් පෙන්වා දුන් අතර, ඒ සඳහා අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකා මහබැංකුව විසින් ලබා දෙනු ලබන බව ද වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    ඒ අනුව, මෙම නියාමන ක්‍රමවේදයන් සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධ වූ කමිටුවක් පත් කරන ලදී.

    මෙම සාකච්ඡාවට සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා ඇතුළු මුදල් අමාත්‍යංශයේ  තවත් නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya