මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි සතිය වන විට ඖෂධ මිල අඩු කිරීමට හැකි වේවි - සෞඛ්‍ය ඇමැති

    මැයි 17, 2023

    මෙරට ඖෂධ මිල ඉදිරි සතියේදී 10-15 % ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව  සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඩොලරයේ අගය අඩු වීමට සාපේක්ෂව මෙලෙස ඖෂධ මිල අඩු කිරීමට පියවර ගැනෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ඖෂධ මිල අඩු කළ හැකි ප්‍රමාණය සම්බන්ධව මුදල් අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණාකාධිකාරි අංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද ඒ මහතා කීය.

    ජත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන්  අද (17) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ දී පැවැති ජාතික උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.

    ඩොලරයේ මිල ඉහළ යෑමත් සමඟ ඖෂධ මිල සැලැකිය යුතු අගයකින් ඉහළ ගිය බවත්, ඩොලරයේ අගය පහත වැටීමේ වාසිය ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම විටම උත්සහ කරන බවත්, හෙතෙම අවධාරණය කළේය.

    ඖෂධ අළෙවි කිරීම සඳහා ගබඩා කර තැබෙන වෙළෙඳ සැල් අනිවාර්යයෙන්ම වායු සමීකරණය කර තිබිය යුතු බවත්, මේ නිසා ඉතා ඉහළ විදුලි බිලක් තමන්ට දැරීමට සිදුවන බවට ඖෂධ අළෙවිකරුවෝ පෙන්වා දෙන බව පැවසූ ඇමැතිවරයා ඖෂධ මිල අඩු කිරීමේ දී මෙම කාරුණු සම්බන්ධව ද අවධානය යොමු කළ යුතුව තිබෙන බවද අවධාරණය කළේය.

    රජයේ රෝහල් වල පෞද්ගලික වාට්ටු ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බවත්, ඒ දෙස ධනාත්මකව බලා අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු වෙනුවට ඇතැම් පිරිස් දේශපාලන හා වෙනත් උවමනාවන් මත සිට පදනම් විරහිත විවේචන ඉදිරිපත් කරන බවත් රඹුක්වැල්ල මහතා කීය.

    ඩෙංගු රෝගය අවදානම සඳහා අපිට නිදහසට කරුණු කීමට නොහැකි යැයිද. මෙය පාලනය හා අවම කිරීමට අවශ්‍ය යැයිද ඒ මහතා පැවසීය.

    පසුගිය වසරේ මරණ 72 ක් සිදුව ඇති බවත්, මේ වසරේ ඊයේ දිනය වනවිට මරණ 22 ක් වාර්තා වූ බවත් අමාත්‍යවරයා පැවසීය. ලෝකයේ රටවල් 101 ක ඩෙංගු උවදුර සම්බන්ධව ක්‍රියාත්මක වන බවද මිලියන 200–300 අතර ප්‍රමාණයක් වාර්ෂිකව ඩෙංගු රෝගයට භාජනය වන බවද සිංගප්පූරුව වැනි ඉතාම හොද විනයක් සහිත පාලනයකින් සහ පිරිසිදු කමින් යුතු රටක වුවද. ඩෙංගු උවදුර පාලනය කිරීම සදහා තවමත් උත්සාහ කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. වෛද්‍යවරු, හෙද හෙදියන් පමණක් නොව මේ රටේ වෘත්තීය වේදීනගේ යම් ගලනයක්  දකින්නේ යැයිද එයට විවිධ හේතු පැවතිය ද  මෙය පාලනය කිරීමේ කටයුත්තට මුහුණ දීමට සිදුවන බවත්, ඒ සදහා විවිධ ක්‍රමවේදයන්  ආරම්භ කර ඇති බවත් ඒ මහතා කීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා -“ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවුල් සෞඛ්‍ය සේවිකාවන්  සඳහා පත්වීම් ලබාදුන්නා. පසුගිය කාලයේ බඳවා ගැනිමි සිදු කිරීමේදී නීති රීති තිබුණා. මේ වන විට ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස පවතින ආර්ථීක අවපාතයත් සමග යම් ආකාරයේ සිමාවන් සමගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට යම් කිසි ආකාරයේ සහනයක් ලබාදීමට අවධානය යොමු යොමු කර තිබෙනවා.”

    “වියදම් ඉහළ යාම නිසා  ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට පෞද්ගලික අංශයට යාමට නොහැකි, නමුත් එලෙස යෑමේ අවශ්‍යතා ඇති පිරිස් සඳහා රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා. මේ තුළ සහනදායි වැඩපිළිවෙළක් ඇරඹීමයි සැලැසුම වී තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම අවම මිල ගනන් වලට මේ සේවාව ජනතාවට සපයන්න.  නිදහස් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට පැමිණෙන පිරිස් ඒ තුළ ප්‍රයෝජන ලබාගනියි. උදාහරණයක් ලෙස යම් තැනක රුපියල් 40,000 පමණ වන පරීක්ෂණයක් අපට රුපියල් 25,000 වැනි මුදලකට කරන්න පුළුවන් වෙයි. ”

    “එමෙන්ම කුමන ආකාරයකින්වත් මුදල් වැය කිරීමට අසීරු කණ්ඩයාමට ඇතැම් පරීක්ෂණ සඳහා පොරොත්තු ලේඛනයේ මාස 06 ක් සිටිය යුතු නම් එම තත්වය මාස 02 දක්වා අඩු කර ගත හැකියි.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya