මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්නිවේදනය තුළ ප්‍රබුද්ධ සංවාදයක් ඇති කළ යුතුයි - ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

    මැයි 17, 2023

    විශ්ව විද්‍යාල තුළ සන්නිවේදනය සම්බන්ධයෙන් ප්‍රබුද්ධ සංවාදයක් ඇති නොවීම ගැටලුවක් වී ඇති බවත් ජාති,ආගම් , සංස්කෘතින් පිළිබඳ පුළුල් සංවාදයකට ඉඩ සැළසෙන සන්නිවේදන මාධ්‍යයක් ගොඩ නැගීමට සියළු දෙනා එක්විය යුතු බව ප්‍රවාහන  මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධනය කිරීමේ  වැඩමුළුවකට එක්වෙමිණි. අදට යෙදී තිබෙන ලෝක සන්නිවේදන හා තොරතුරු සමාජ දිනය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ‍්‍ය පර්යේෂන අංශය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ අද විශ්ව විද්‍යාල වලින් බිහි වන ඇතැම් සිසුන් සමස්ත සමාජය කෙරෙහිම වෛරයෙන් සිටින බවයි.

    අද පාසලෙන් විශ්ව විද්‍යාල වලට ගොස් විශ්ව විද්‍යාලයෙන් පිටවන සිසුන් විභාගය සමත් වුවත් ජීවිතය සමත් වීමට අසමත් වෙලා තිබෙනවා.ඔවුන් තමන්ගේ දෙමාපියන්ට ගුරුවරුන්ට ගරු කරන්නේ නැහැ.ඔවුන්ට සමස්ත සමාජ ක්‍රමය කෙරෙහිම වෛරයක් තිබෙනවා එම වෛරය මුදා හැරීමට ප්‍රචණ්ඩත්වය භාවිතා කරනවා. ඇත් ත ප්‍රබුද්ධ සංවාදයක් අද විශ්ව විද්‍යාල පද්ධතිය තුළ නැහැ. ඉස්සර විශ්ව විද්‍යාල තුළ බුද්ධිමතුන් සමග විශ්ව විද්‍යාල තුළ ප්‍රබුද්ධ සංවාදයක් තිබුණා. නමුත් අද එම තත්වය නැහැ.

    මේ නිසා තොරතුරු තාක්ෂණය සමග බද්ධ වූ අධ්‍යාපන ක්ෂේත්‍රයක් බිහි කිරීම අවශ්‍ය බව හෙතෙම පෙන්වා දුන්නේය. තමා අධ‍්‍යාපන අමාත්‍යවරයා සමයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දහසක් ඇති කළේ මෙම අරමුණින් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

    අප ජීවත් වන්නේ දැනුම් ප්‍රාග්ධනය පත් වූ ලෝකයක  දැනුම් අධ්‍යතන ලෝකයට ගැළපෙන පරිදි සකස් කළ යුතුයි  එසේ නොමැති වූ විට තිබෙන රස්සාවල් වලට ගැළපෙන උගතුන් බිහි වන්නේ නැහැ.

    පාසල් මාධ්‍ය සමාජ සඳහා සන්නිවේදන පොත් කට්ටල, බිත්ති පුවත්පත්, සන්නිවේදන ගුරුවරුන් සඳහා නිල හැඳුනුම්පත් සහ පාසල් මාධ්‍ය සමාජ සඳහා ලියාපදිංචි සහතික බෙදාදීමද ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, පාසල් ගරුවරුන් , දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya