මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්වෝද්‍යාන සඳහා ප්‍රවාහන සහ අනෙකුත් ගාස්තු සංශෝධනය කෙරේ

    මැයි 17, 2023

    වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සත්වෝද්‍යාන සඳහා අභ්‍යන්තර ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් ගාස්තු සංශෝධනයට  නීතිඥ ගරු පවිත්‍රා දේවි වන්නිආරච්චි   අමාත්‍යතුමිය පියවර ගෙන ඇත.

    1982 අංක 41 දරන ජාතික සත්වෝද්‍යාන පනතේ 13 වන වගන්තිය යටතේ අමාත්‍යවරයාට ලැබී ඇති බලතල අනුව සත්වෝද්‍යාන තුළ සිටින සතුන්ට ආහාර ලබාදීම, සතුන් සමඟ ඡායාරූප ගැනීම සහ අභ්‍යන්තර ප්‍රවාහන ගාස්තු සංශෝධනය සඳහා අංක 2331/67 දරන අති විශේෂ ගැසට් පත්‍රය තුළින් මෙම සංශෝධනය කර ඇත.

     ඒ අනුව 2023/05/02 සිට බලාත්මක වන පරිදි දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සත්වෝද්‍යානය යන උද්‍යාන සඳහා මෙලෙස ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව සංශෝධනය කරන ලද ගාස්තු පහත පරිදි වේ.

    සියලුම සත්වෝද්‍යාන සඳහා මංශ භක්ෂක සතුන්ට ආහාර ලබාදීමට රුපියල් 500ක්ද, දෙහිවල සත්වෝද්‍යානය තුළ සිටින ඇනකොන්ඩාවෙක් සමඟ ඡායාරූප ගැනීමට රුපියල් 500ක්ද, රිදියගම සෆාරි උද්‍යානය තුළ වායු සමනය කරනලද බස්රථයක ගමන් කිරීම සඳහා රුපියල් 150ක්ද වායු සමනය නොකරන ලද බස් රථයක ගමන් කිරීම සඳහා රුපියල් 100ක්ද වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya