මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙතෙක් TSP පොහොර ලබා නොගත් ‌සියලුම ගොවීන් අප්‍රේල් 10ට පෙර ලබා ගන්න

    අප්‍රේල් 07, 2023

     මෙතෙක් TSP පොහොර ලබා නොගත් ‌සියලුම ගොවීන් අප්‍රේල් 10 ට පෙර ඒවා ලබා ගන්නා ලෙස ගොවිජන සංවර්ධන දෙපරේතමේන්තුව ඉල්ලා සිටී.එසේම මෙම දිනයෙන් පසුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඇති TSP පොහොර තොග ආපසු ප්‍රධාන ගබඩාවලට කැඳවීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    යල කන්නය සඳහා මඩපොහොර හෙවත් TSP පොහොර ගොවීන් වෙත නොමිලයේ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    TSP පොහොර හා අනෙකුත් පොහොර බෙදාහැරීමේ ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා (6) රජයට අයත් පොහොර සමාගම් දෙකෙන් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර ඇත.
    මේ වනවිට ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම TSP පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා හැර අවසන් කර ඇත.තවද ගොවිජන බලප්‍රදේශ 38ක ගොවීන්ට TSP පොහොර බෙදා හැර අවසන් කර තිබේ.
    ඊයේ දිනය අවසන් වනවිට ගොවීන් 677,139 දෙනෙක් අතර මෙතෙක් නොමිලයේ බෙදා හැර ඇති TSP පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,644කි.
    මේ හැර මෙවර යල කන්නයේ දී අනෙකුත් පොහොර වර්ග හෝ බීජ හා පළිබෝධ නාශක මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක් බැගින් හා හෙක්ටෙයාර් 02කට රුපියල් 40,000ක් බැගින් නැවත අය කර නොගන්නා මුදලක් වශයෙන් ගොවි ගිණුම්වලට බැර කිරීමට රජය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
    මෙවර යල කන්නයේ අපි TSP පොහොර නොමිලයේ ලබා දෙන බවත් මඩපොහොර හා යුරියා පොහොර වල මිල අඩු කරන බවත් පොහොර හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා රුපියල් 20,000 සිට 40,000ක් බැගින් ලබා දෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. දිස්ත්‍රික්ක 06ක ගොවි පවුල් 48,000කට මෙම මුදලට අමතරව රුපියල් 15,000 බැගින් වාරික දෙකකට රුපියල් 30,000ක මුදලක් වශයෙනුත් ලබා දෙනබවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya