මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ මඟී ප්‍රවාහනයට විශේෂ වැඩපිළිවෙලක්

    අප්‍රේල් 06, 2023

    ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රමුඛව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස්රථ හා එකතුව හෙට (07) සිට 18 වන දා දක්වා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා මේ බව ප්‍රකාශ කළේය.

     

    සිංහල හින්දු අවුරුදු සමයේ ප්‍රවාහන සැලසුම සහ උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ රජයේ මාධ්‍ය සාකච්ඡාව අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවතිනි. එහි දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    ඒ අනුව, හෙට (07) සිට 15 දක්වා කොළඹ සිට පිට පළාත්වලට බස් රථ ධාවනය වෙන අතර 15 වන දා සිට 18 වන දා දක්වා නැවත පිට පළාත්වල සිට කොළඹ බලා බස්රථ ධාවනය කෙරෙන බව හෙතෙම පැවසීය.
    මෙම විශේෂ වැඩපිළිවෙල යටතේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ලංගම හා පෞද්ගලික බස්රථ 7000 ක් පමණ ධාවනයට එකතු කෙරෙන බවත්, ඊට අමතරව පෞද්ගලික බස්රථ 300 ක් හදිසි අවස්ථා සඳහා සුදානම් කර තිබෙන බවත්, ඒ අනුව බැස්ටියන් මාවතේ සිට පෞද්ගලික බස්රථ 3000 ක පමණ ප්‍රප්‍රමාණයකුත් ලංගම බස්රථ 4000 ක පමණ ප්‍රමාණයකුත් එක් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මඟීන්ගේ පහසුව සඳහා ක්‍රියාත්මක වීම සඳහා ජංගම පරීක්ෂක මහත්වරුන් ද යොදවා තිබෙන අතරම ඊට අතිරේකව අමතර සේවක මහත්වරුන් සහ කාර්යය මණ්ඩලය යොදවා තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya