මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

    අප්‍රේල් 06, 2023

    රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේදී සාකච්ඡා කෙරිණි. එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් මාර්තු 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

    ඒ අනුව, රුමේනියාව තුළ රාජතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට අදාළ අභියෝග සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින්ගෙන් කමිටුව විමසා සිටියේය. මේ වන විට රුමේනියාවේ සැලකිය යුතු ශ්‍රී ලාංකික ජනගහණයක් ජීවත් වන බවත් ඔවුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එහි නොමැති වීම නිසා එම ජනතාව බොහෝ අපහසුතාවයන්ට පත්වන බවත් කමිටුව මෙහිදී පෙන්වා දුන්නේය.

    එහිදී නිලධාරීන් ප්‍රකාශ කළේ රුමේනියාවේ තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සහ සේවක සංඛ්‍යාව දැනටමත් අනුමත කර ඇති අතර තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රමාදයකින් තොරව පියවර ගන්නා ලෙස කමිටුව පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    එයට අමතරව, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව කමිටුව තවදුරටත් සාකච්ඡා කළේය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ ප්‍රතිපත්ති විධාන වලට අදාළ ප්‍රධාන කරුණු 20 පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී විස්තර කළේය. විදේශ ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ මධ්‍යස්ථ සහ නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සියලු ස්වෛරී රටවල් සමඟ මිත්‍රශීලී සබඳතා පවත්වා ගැනීම මත බවයි. එමෙන්ම, ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාතික රටවල් අතර සමීප සහයෝගීතාව ශක්තිමත් කිරීම ද සිය අමාත්‍යාංශයේ අරමුණ බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නිරෝෂන් පෙරේරා, මයන්ත දිසානායක, අකිල එල්ලාවල, යදාමිණි ගුණවර්ධන, (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya