මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඉන්දීය නාවික හමුදා නෞකාවේ නිරීක්ෂණයක  

    අප්‍රේල් 06, 2023

    ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා (අප්‍රේල් 05) කොළඹ වරායේ දී SLINEX-23 ඒකාබද්ධ නාවික අභ්‍යාසයට සහභාගී වන ඉන්දීය නාවික නෞකා නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.

    අද උදෑසන නැවට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයාව නෞකා දෙකෙහි අණදෙන නිලධාරීන් විසින් පිළිගනු ලැබීය. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා ද මෙම අවස්ථාවට සහභාගි  විය.

     

    INS Kiltan සහ INS Savitri යන නෞකා දෙක කොළඹදී පැවැත්වෙන වාර්ෂික ශ්‍රී ලංකා - ඉන්දියා නාවික අභ්‍යාස (SLINEX) -23 සඳහා සහභාගි වීම සඳහා සඳුදා (03) දිවයිනට පැමිණියහ.

    රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජිතයා සමඟ නෞකා නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර එම නෞකාවල අණදෙන නිලධාරීන් ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී සිදුකිරීමට නියමිත ක්‍රියාකාරකම්  පිළිබඳව පැහැදිලි කළහ.

    ඔවුන් එම නැව්වල හැකියාවන් සහ තාක්‍ෂණික විස්තර ද රාජ්‍ය අමාත්‍යවරයා වෙත විස්තර කළ අතර, මෙම සැසියේදී ඉන්දීය නෞකා දෙකේ නෞකා කාර්ය මණ්ඩලය සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියහ. රාජ්‍ය අමාත්‍යවරයා නෞකා නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවකින් අනතුරුව සිය සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගන්නා ලදි.

    මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් (Vikas Sood) ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya