මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළට

    අප්‍රේල් 04, 2023

    අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන්, පවතින ඉන්ධන කෝටාව අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රජය පියවර ගෙන ති

    පෙර සැලසුම් කල පරිදි උත්සව සමය වෙනුවෙන් වැඩි වන ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අවශ්‍ය තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කර ලබා ගෙන ඇත.

    ඒ අනුව සතියකට, විශේෂ ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 10ක ඉන්ධන කෝටාව ලීටර් 15ක් දක්වාද, සාමාන්‍ය ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 05ක ඉන්ධන කෝටාව ලීටර් 08ක් දක්වාද,
    යතුරු පැදි සඳහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 07ක් දක්වාද, බස් රථ සදහා ලබා දෙන ලද ලීටර් 40ක ඉන්ධන කෝටාව ලීටර් 60ක් දක්වාද, කාර් රථ සඳහා ලබා දෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද, ඉඩම් වාහන (Land Vehicle) සඳහා ලබා දෙන ලද ලීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 25ක් දක්වාද, ලොරි රථ සඳහා ලබා දෙන ලද ලීටර් 50ක ඉන්ධන කෝටාව ලීටර් 75ක් දක්වාද, Quadric Cycle සදහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 06ක් දක්වාද, විශේෂ කාර්ය වාහන සඳහා (Special Purpose Vehicle) ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද, වෑන් රථ සඳහා ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya