මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය මර්දනය ප්‍රතිපත්තිය නොවේ- මාධ්‍යකරුවන් සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම වැදගත් - ජනමාධ්‍ය අමාත්‍ය

    අප්‍රේල් 04, 2023

    මාධ්‍ය මර්දනය කිරීමේ පිළිවෙතක් ප්‍රතිපත්තියක් ලෙස අනුගමනය නොකරන බවද මාධ්‍යකරුවන් සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම වැදගත්ය යන තැන සිට රජයක් වශයෙන් කටයුතු කරන බවද ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

    ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා ජනමාධ්‍ය හැඳුනුම්පතක් ලබාදී ඇතිබව සිහිපත් කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා එම හැඳුනුම්පතට ආරක්ෂක අංශ විසින් ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන බවද සඳහන් කළේය.

    යම්කිසි ජනමාධ්‍යකරුවෙකුට අසාධාරණ ලෙස පහරදීමක් හෝ වෙනත් තර්ජනයක් සිදුවන්නේ නම් එය දැනුම්දුන හොත් විෂයභාර අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ හැකි බවද පැවසුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya