මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළඹෙන මැයි මාසයේ පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දින පැවැත්වෙනවා- අධ්‍යාපන අමාත්‍ය

    අප්‍රේල් 04, 2023

    එළඹෙන මැයි මාසයේ පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දින වලදී පැවැත්වීමට කටයුතු කරන බවත්,උසස් පෙළ පිළිතුරු පත් පරීක්ෂාව ප්‍රමාදවීම ඒ සඳහා බාධාවක් කර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(04 ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය‍.

    අනෙක් වසර වලදී උසස් පෙළ ප්‍රාෙයා්ගික පරීක්ෂණ පැවැත්වීම උත්තර පත්තර පරීක්ෂාවෙන් පසුව සිදු කළද මෙවර එම ප්‍රාෙයා්ගික පරීක්ෂණ පැවැත්වීම කළින් සිදු කර තිබේ. මේ හේතුව නිසා උත්තර පත්තර පරීක්ෂාව සඳහා යන ප්‍රමාදය අවම කර ගැනීමට හැකි වූ බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව මේ වනවිට අපොස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කර තිබේ.උත්තර පත්තර පරීක්ෂාව ඉන් අනතුරුව පැවැත් වේ.ඒ සඳහා සහභාගී වන බව ගුරුසංගම් මේ වන විට එම එකඟතාව පළකර තිබේ.තමා මීට මාස එක හමාරකට පෙර සිටම ඒ සඳහා ලබා දෙන ගෙවීම් වැඩි කළ බව අමාත්‍යවරයා කීය.

    විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ ගැටලුවද මේ වන විට විසඳුම් ලබා දී ඇති බව අමාත්‍යවරයා කීය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට තුනක් පැවැත් වුණා. ඔවුන්ගේ ඉල්ලීම් 4ක් තිබුණා.පළවෙනි ඉල්ලීම තමයි බදු සම්බන්ධයෙන් කළ ඉල්ලීම.එම ගැටලුව මම මුදල් අමාත්‍යංශයට යොමු කළා. උත්තර පත්තර පරීක්ෂාවට ආචාර්ය මහාචාර්යවරු 1300 ක් පමණ දෙනා සහභාගී වෙනවා.ඔවුන්ගේ ඉල්ලීම් 04න් තුනක්ම ඉටු කර තිබෙනවා.

    තවද ශිෂ්‍යත්ව සඳහා ලබා දෙන ගුවන් ගමන් ගාස්තු ලබා දීමේ වැඩපිළිවෙළ අප සකස් කර දී තිබෙනවා. එය එක් ඉල්ලීමක්විදෙස් ශිෂ්‍යත්ව වලට ගිය අයට කොවිඩ් වසංගතය නිසා පාඨමාලා සම්පූර්ණ කිරීමට ගිය අයට ඒ සඳහා සහභාගී වීමට සහ එම ආචාර මහාචාර්ය වරුන්ගේ දරුවන් පාසල් වලට ඇතුල් කර ගැනීම සම්බන්ධයෙන් කළ ඉල්ලීම් වලට අපි එකග වෙලා තිබෙනවා.පර්යේෂණ සඳහා ලබා දෙන මුදල අඩු වීම සම්බන්ධයෙන්ද මේ වන විට සහණයක් ලබා දෙමින් තිබෙනවා.ඒ සියළු ඉල්ලීම් වලට අවධානය යොමු කර තිබෙනවා. මුලින් සැළසුම් කළ ආකාරයට වඩා සති 02ක් පමණ ප්‍රමාද වුවද හැකි ඉක්මනින් ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේ එම කටයුතු ආරම්භ කළ හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා කීය.


    මම දන්නවා විශ්ව විද්‍යාල අචාර මහාචාර්යවරුන්ගේ ජදරුවොත් මේ විභාගයට මුහුණ දී තිබෙනවා. රජය පැත්තෙන් කළ හැකි උපරිම සහයෝගය අපි ලබා දී තිබෙනවා.ඒ අනුව හෙට හෝ අනිද්දා ඒ සඳහා සුභවාදී ප්‍රතිචාර ලැබෙනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya