මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි මාස තුන ඇතුළත දුම්රිය මැදිරි අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීමට පියවර - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය

    අප්‍රේල් 04, 2023

    සුළු අලුත්වැඩියාවන් සඳහා ඇති දුම්රිය මැදිරි ඉදිරි මාස 03ක පමණ කාලයේ දී අලුත්වැඩියා කර කඩිනමින් ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අද (04) පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ වන විට පෞද්ගලික අංශයේ සමාගම් වලටද මෙම මැදිරි අලුත්වැඩියා කිරීම් කටයුතු සඳහා ඉඩ ලබා දී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

    මෙරටට ගෙනැවිත් කොළඹ වරායේ ගොඩ ගසා තිබූ පැරණි දුම්රිය මැදිරි පවා නැවත අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීමට තමා කටයුතු කළ බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. වර්තමාන ආණ්ඩුව මෙරටට ගෙන්වූ දුම්රිය මැදිරි 10ක් ධාවනය නොවීම් සම්බන්ධයෙන් යොමු කල වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

    වැඩිදරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දුම්රිය මැදිරි මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඒ සඳහා පත්කරන තාක්ෂණික කමිටුවක් හරහා බවයි.

    දුම්රිය එන්ජින් පරීක්ෂා කිරීමේ කටයුතු සිදුවන්නේ එම තාක්ෂණික කමිටු හරහා වේ.දුම්රිය මැදිරි මෙරටට ගෙන්වීමේදී යම් අඩුපාඩුවක් සිදු වී ඇත්නම් මෙම නිලධාරින් ඒ සඳහා වගකීම බාර ගත යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    ඉදිරි සතියේ රැස් වෙන පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් වැඩි දුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් පැහැදිළි කරන ලෙස අධාළ නිලධාරින් උපදෙස් ලබා දී ඇතැයිද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya