මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේනා දළඹු වගා හානිය හා වී වගාවට සිදු වූ වගා හානියට වන්දි

    අප්‍රේල් 04, 2023

    මෙරට බඩඉරිඟු වගාවට 2021 මහ කන්නයේ දී බලපෑ සේනා දළඹු වගා හානිය හා වී වගාවට සිදු වූ වගා හානි සම්බන්ධව එම ගොවීන්ට රුපියල් මිලියන 657ක් වගා හානි වන්දි වශයෙන් ලබා දී අවසන් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

    මීට අමතරව 2021 යල කන්නයේ ගොවීන් පිරිසකට ද සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීම අරඹා ඇති අතර එම කටයුතු පසුගියදා ත්‍රිකුණාමලයෙන් ආරම්භ විය. එහි දී ගොවීන් 13 දෙනෙකුට රුපියල් 80,000 බැගින් වන්දි මුදල් ප්‍රදානය කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි.

    2021 මහ කන්නයේ දී දිස්ත්‍රික්ක 25 තුළ ගොවීන් 31,613කට වගා හානි සිදු වී තිබු අතර වගා කරන ලද ඉඩම් අක්කර 42,934ක් වගා හානි සිදු වූ බව තහවුරු විය. එම වගා හානි සඳහා අනුමත කරන ලද මුදල රුපියල් මිලියන 657කි. එම සම්පූර්ණ මුදලම මේ වනවිට ගොවි ජනතාවට ගෙවා අවසන් කරන ලද බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී . වීරසේකර මහතා සඳහන් කළේය.

    මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2021 සිදු වූ වගා හානි රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හා සමග බැඳී තිබුනත් මේ වනවිට රට තුළ ආර්ථික අර්බුදයක් පැවතිය ද ජනාධිපතිවරයා යටතේ පවතින මහා භාණ්ඩාගාරය ගොවිජන වගාහානි වන්දි සඳහා අවශ්‍ය මුදල් කිසිදු පැකිළිමකින් තොරව ලබා දුන් බව ද සඳහන් කළේය.

    එමෙන්ම පසුගිය මහ කන්නයේ දී ගොවි ජනතාවගේ අස්වනු අවමවීමක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද අදාල ගොවි ජනතාවට වන්දි මුදලක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. නමුත් පසුගිය මහ කන්නයේ බන්ඩි පොහොර රජය ලබා දුන්න ද ඇතැම් ගොවීන් ඒවා වගාවට යොදා නොමැති අතර යුරියා පොහොර පමණක් භාවිත කර තිබේ.

    නමුත් මෙවර යල කන්නයේ දී රසායනික පොහොර වර්ග තුන ම ගොවී ජනතාවට වී හා අනෙකුත් වගාවන් සඳහා ලබා දීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya