මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යෝජිත නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත පිළිබදව සිවිල් සමාජය හා විද්වතුන් දැනුවත් කෙරේ

    අප්‍රේල් 04, 2023

    දුෂණ විරෝධී ස්ථිරසාර මාවතකට යොමුවීමට ශ්‍රී ලංකාව සමත් වේද? ...ඒ සදහා යෝජිත පනතින් පිටුබලයක් තිබේ ද ?ˮ.... යන මැයෙන් යෝජිත නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත පිළිබදව සිවිල් සමාජය හා විද්වතුන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ අදහස් යෝජනා ලබා ගැනීමේ විද්වත් කතිකාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණගාරයේදී ( 03 පස්වරුවේ) පැවැත්විණි.

    සාධාරණ සමාජයක් සදහා වු ජනතා ව්‍යාපාරය විසින් මෙම විද්වත් කතිකාව සංවිධානය කර තිබු අතර, නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධව පවතින ගැටළු සහ ඒ සදහා ඇතුළත් විය යුතු යෝජනා සම්බන්ධව පැමිණ සිටි විද්වතුන්ට හා සිවිල් සංවිධාන නියෝජිතයින්ට කරුණු ඉදිරිපත් කිරීම සදහා අවස්ථාව ලබා දී තිබුණි.

    නව පනත් කෙටුම්පත පිළිබදව විද්වතුන්ට හා සිවිල් සංවිධාන නියෝජිතයින්ට පවතින ගැටළු සදහා පිළිතුරු ලබා දෙමින් නව පනත් කෙටුම්පත පිළිබදව අධිකරණ අමාත්‍යතුමා විසින් කරුණු පැහැදිලි කරන ලදී.

    දුෂණ විරෝධී ස්ථිරසාර මාවතකට යොමුවීම පිළිබදව සිදු කරන ලද අධ්‍යනයන් පදනම් කර ගනිමින් සම්පාදනය කරන ලද විශේෂ සංදේශයක් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින් අධිකරණ අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කිරීම මෙහිදී සිදු විය.

    සාධාරණ සමාජයක් සදහා වු ජනතා ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක, දේශබන්දු, කරූ ජයසුරිය, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ, සරත් ජයමාන්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ, ශිරාල් ලක්තිලක, සාධාරණ සමාජයක් සදහා වු ජනතා ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya