මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටවර් දෙමළ නාට්‍ය හා රංගකලා පාසලේ සිසු සිසුවියන්ගේ ගැටළුවලට විසඳුම්

    අප්‍රේල් 03, 2023

    මාර්තු 27 දිනට යෙදී තිබුණු ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය වෙනුවෙන් පැමිණි යාපනයේ ටවර් දෙමළ මාධ්‍ය නාට්‍ය හා රංගකලා පාසලේ සිසුසිසුවියන්, එදින පස්වරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් හමු වූ අතර එහිදී ඔවුන්ගේ ගැටලු රැසකට විසඳුම් ලැබිණි.

    මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සියළු බලධාරීන් නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ විෂය සංවර්ධනය පිළිබඳවද , කලා කටයුතු වල දී ඔවුන් මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙන්ද පැමිණි පිරිස සමඟ සාකච්ඡා කළහ.

    සංගීත භාණ්ඩ හිඟය, දේශන පවත්වන ස්ථානයන් හී පවතින ගැටළුකාරී තත්වයන්, දෙමළ නාට්‍ය කලාවට අයත් කූත්තු නාට්‍ය සම්ප්‍රදාය විෂය නිර්දේශයට ඇතුළත් කරගැනීම සහ සිය නිර්මාණ ප්‍රදර්ශනය සඳහා අවස්ථා ලබාගැනීම ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකළ අතර පවතින ගැටළු නිරාකරණය කරගැනීම සඳහා අදාල ආයතන ප්‍රධානීන් වෙත අමාත්‍යවරයා විසින් අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේය.

    එසේම ටවර් හෝල් රඟහල පදනම විසින් කොළඹ කේන්ද්‍ර කරගනිමින් පවත්වන ටවර් නාට්‍ය උළෙල යාපනයේ ද පැවැත්වීමටද යෝජනා වූ අතර ඒ සඳහා කටයුතු කිරීමට ද අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදුනි.

    මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන), ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්, එහි අධ්‍යාපන පාඨමාලා ප්‍රධානාචාර්යවරයා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya