මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද මධ්‍යම රාත්‍රී 12.00 න් පසු 12.9% න් බස්ගාස්තු අඩු කෙරේ - වැඩබලන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය

    මාර්තු 30, 2023

    ඉන්ධන මිල අඩුවීමේ සහනය පැය 24 ක් ඇතුළත ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතුයි යන ජනාධිපතිවරයාගේ උපදෙස් මත රුපියල් 430.00 ක්ව පැවති ඩිසල් ලීටරයක මිල රුපියල් 325.00 දක්වා සැලකිය ප්‍රමාණයකින් අඩු කිරීම හා සාපේක්ෂව බස්ගාස්තු ප්‍රතිපත්තියට අනුව 12.9% න් බස්ගාස්තු අඩුවීම අද (30) මධ්‍යම රාත්‍රී 12.00 න් පසු ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගණනය කර ඇති බව වැඩබලන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.


    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ , (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දිය.


    පසුගිය සමයේ භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම නිසා ජනතාව විවිධ අපහසුතාවයන්ට මුහුණ දී ඇති විටෙක ඉන්ධන මිල රුපියල් 80 න් පහත හෙලීමත් සමඟ බස්ගාස්තු මිල ද පහත හෙලීමට කටයුතු කරනු ලැබූ බව පැවසු අමාත්‍යවරයා, පළවෙනි ගමන් වාරය රුපියල් 34.00 ක් ව පැවති මිල රුපියල් 30.00 ක් දක්වා අඩුකිරීමටත්, එයාට සමගාමිව ගාස්තු අවස්ථා 350ක් ඒ සෑම බස්ගාස්තුවකම 12.9%න් අඩු කිරීමටත් මෙම බස්ගාස්තු සංශෝධනය තුළින් අනිවාර්යෙන්ම සිදු කෙරෙන බව පැවසීය.

    ඒ අනුව, මෙම ඉන්ධන ගාස්තු සංශෝධනයට සමගාමිව රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගාස්තු මෙන්ම, අධි සුඛෝපභෝගී, මෙන්ම සුඛෝපභෝගී බස්රථවල ද ගාස්තු පහත දැමීමට කටයුතු කරන බවත්, ත්‍රිරෝද රථ, කුලී රථ මෙන්ම පාසල් රථ ආදියේ ද ගාස්තු අඩුකරන ලෙස හෙතෙම මෙහි දී පවසන ලදී.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සශි වෙල්ගම, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නිලන් මිරැන්ඩා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ සැළසුම් ආලෝකා කරුණාරත්න යන මහත්ම මහත්මිහු මේ සඳහා සහභාගී වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya