මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවිජන සේවා මධ්‍යස්ථාන 565 මගින් පොහොර බෙදා හැරීම ක්‍රියාත්මකයි-ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

    මාර්තු 29, 2023

    ගොවිජන සේවා මධ්‍යස්ථාන 565 මගින් පොහොර බෙදා හැරීම ක්‍රියාත්මක බවත් පොහොර සමාගම දෙක ලබා දෙන සියලු පොහොර ගොවි ජනතාවට බෙදා හැරීමේ වැඩපිිළිවෙලක් සකස් කර ඇති බවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එච්.එම්.එල්.අබේරත්න මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    ඒ අනුව මෙට්‍රික්ටොන් 29743ක පොහොර තොගයෙන් මෙට්‍රික්ටොන් 14000ක් මේ වන විට බෙදා අවසන් බව පෙන්වා දුන් ඒ මහතා ගොවිජන මධ්‍යස්ථාන වෙත පැමිණ පොහොර ලබා ගන්නා ලෙස ගොවීන්ගෙන් ඒ මහතා ඉල්ලීමක් කළේය.
    මෙම සාකච්ඡාවට එක්වෙමින් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා, තේ පොල් සහ එළවළු සඳහා මිශ්‍ර පොහොර මිල අඩු කර ඇති බව පැවසීය.
    ඒ අනුව U 709,U 834 වර්ගයේ කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 25,000කට වෙළඳපොළ මිල පවතින අතර එය රුපියල් 13,000කට ලබා දෙන බවත් තේ වගාව සඳහා භාවිත කරන T 200 සහ T 750 පොහොර මිටියක් පෙර පැවති රුපියල් 17000ක මුදලක් වුවද එය රුපියල් 9000ට ලබා දෙනෙ බවත් හෙතෙම පැවසීය.
    තවද පොල් වගාව සඳහා ලබා දෙප APM සහ VPM පොහොර මිටිය රුපියල් 8000කට ලබා දෙන අතර එළවළු වගාව සඳහා ලබා දෙන පොහොර මිටිය රුපියල් 10000කට ලබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
    මේ වන විට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 30400 ක සංචිතයක් පවතින බවත් තවත් මෙට්‍රික් ටොන් 77250ක් ලබා ගැනීමට කටයුතු සම්පාදනය කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya