මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිල සංශෝධනයත් සමඟ බස් ගාස්තු මිල පහතට

    මාර්තු 29, 2023

    අද දින මධ්‍යම රාත්‍රියේ සිට සිදුකෙරෙන ඉන්ධන මිලෙහි සංශෝධනය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින් පහත හෙලීමට සමගාමීව, බස් රථ ගාස්තුද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දී ඇත.

    ඒ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව රු.30 දක්වා පහත හෙලන අතර මාර්තු 30 සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත. ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව අනෙකුත් බස් ගාස්තු වල සිදුකෙරෙන අඩු කිරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ජාතික ගමනා ගමන කොමිෂම විසින් කඩිනමින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya