මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ඉන්ධන මිල පහළට

    මාර්තු 29, 2023

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනහල්වල ඉන්ධන මිල ගණන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා ඇත.

    විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශයේ අද (29)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ ය.

    ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60 කින් ද , ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක රුපියල් 135කින් ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 80කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 45කින් ද , භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් ද අඩු කිරීමට අනුමැතිය ලැබී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව ඉන්ධන වල නව මිල ලෙස, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල 340 ක් ද , ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල 375ක් ද ,
    ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල 325ක් ද, සුපර් ඩීසල් ලීටරයක මිල 465 ක් ද , භූමිතෙල් ලීටරයක මිල 295 ක් ද වේ.

    තවද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලබා දෙනු ලැබ ඇති බව ද විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya