නිදහසින් පසු බරපතළම අභියෝග රැසකට රට මෑත කාලීනව මුහුණ දුන් බවත් එහිදී ප්‍රමුඛතම අභියෝගයන්ට මුහුණ දීමට සිදුවූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බවත් ඒ තුළ කළ හැකි සියලු කැපවීම් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් තවදුරටත් කරමින් පවතින බවත් අමාත්‍යවරයා කීය...
1932 සිට මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින්නේ යැයිද එය සමාජ වගකීමක් ලෙසින් සියළු ආණ්ඩු ඉදිරියට පවත්වාගෙන ආවේ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ , (27) කොළඹ “ කිංග්ස්බරි හෝටලයේ” පැවැති “සෞඛ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැකසීම සඳහා වූ උපදේශන සමුළුවේ”දී ය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී දැනට පවතින එම ක්‍රමවේදය රටේ වත්මන් තත්ත්වයත් සමග වෙනස් විය යුත්තේ කෙසේද වෙනස් විය යුතු අවස්ථාවන් මොනවාද පවත්නා ක්‍රමවේදය තුළ තිබෙන ගැටලු මොනවා ද යන්න මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රධාන කරගත් ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා බලපාන සියලු රජයේ ආයතන, පෞද්ගලික අංශයේ රෝහල් හා පෞද්ගලික ආයතන ,රාජ්‍ය නොවන සංවිධාන, ඖෂධ සැපයුම්කරුවන් ,වෛද්‍ය ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාල සැපයුම්කරුවන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ පරිණත දැනුමක් ඇති නිලධාරීන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු විද්වත් මඩුල්ලක් සහභාගි විය.මෙහිදී ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමද සිදු විය.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව, ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමද සිදුවූ අතර , එහිදී ශ්‍රී ලංකාව සඳහා සෞඛ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ විකල්ප පිළිබඳ ඉහළ මට්ටමේ උපදේශක සැසිය ද පැවැත්වූ අතර ඒ සඳහා ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රතිපත්ති වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ උපදේශක තායිලන්තයේ Dr.Viroj Tangcharoensathien, දකුණු කොරියාවේ සෝල් ජාතික විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලේ මහාචාර්ය Dr. Soonman Kwon , ඉන්දුනීසියාවේ Gadjah Maha විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය Dr.Laksono Trisnantoro යන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීනයන් ද සහභාගි විය. ඒ අනුව එම සියලු අදහස් සම්පිණ්ඩනය කොට ගෙන මූල්‍ය ප්‍රතිපත්ති රාමුවක් සැකසීම මෙහි ප්‍රධානම අංගයයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා;
වෙනත් රටවල පළමුව මුදල් ගෙවා සේවා ලබාගැනීමේ ක්‍රමවේදයක් පවතින බවත් එහෙත් මෙරට පවතිනුයේ නිදහස් සෞඛ්‍ය සේවාවක් බවත් කෙසේ හෝ එය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.
රට තුළ ඇති වූ අර්බුදකාරී හා අභියෝගාත්මක තත්ත්වය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන් හි කඩාවැටීම් ඇති වුවද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තත්ත්වය මේ වනවිට බොහෝ මට්ටමකට කළමනාකරණය කර ගනිමින් සිටී. නිදහස් සෞඛ්‍ය සේවාව තුළ රටේ සෞඛ්‍ය සේවා සපයන ප්‍රමුඛයා රජය වේ. 100% කට අසන්න රෝග නිවාරණ සේවා 90% ක නේවාසික රෝගීන් සඳහා ප්‍රතිකාර සේවා 50% ට පමණ ගිලන්රථ ප්‍රතිකාර සේවා මෙරට නිදහස් සෞඛ්‍ය සේවය තුළින් ජනතාවට ලබා දෙයි.
මේ සියල්ල බදු ආදායමෙන් ලැබෙන මුදලින් රජයේ මූල්‍ය කළමනාකරණය හරහා සිදුකරනු ලබන්නකි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන අභියෝග අතරට ප්‍රමාණවත් සම්පත් හිඟකම සම්පත් බෙදී මේ විෂමතාවය ඇතුළු කරුණු සෘජුවම බලපානු ලබනවා.
බදු ප්‍රතිපත්තිය සැලකීමේදී සෑම රටකම පාහේ මෙම බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මකයි. බදු පැනවූ සැනින් එම ආදායම සෘජුවම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපහසුතා සඳහා යොදා ගැනීමට නොහැකියි. ඒවා එකතු කර ඒකාබද්ධ අරමුදලට බැර කොට භාණ්ඩාගාරය හරහා අවශ්‍ය ක්ෂේත්‍රයන් කරා යොමු කරනු ලබනවා. නමුත් කුමන රජයක් පැවතියද ,කුමන අධිකාරිමය බලයක් තිබුණද , කුමන නිලධාරීන් සිටියද ඕනෑම ආයතනයක ඉදිරි ගමනක්, ගලායාමක්, දියුණුවක් පවතින්නේ මූල්‍ය ක්ෂේත්‍රය විනිවිදභාවයත්, වග වීමත් මතයි. ඒ අනුව මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ ඕනෑම ක්ෂේත්‍රයක මූලික අඩිතාලමයි.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලෝක සෞඛ්‍ය සංවිධයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං, සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මින් හා ලෝක සෞඛ්‍ය සංවිධානාය් නියෝජිතයින්, ජාත්‍යන්තර නියෝජිතයින්, සෞඛ්‍ය සේවාවේ වත්මන් හා හිටපු ඉහළ නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.