මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එලවළු, පොල්, තේ හා කුරුඳු වගාවන් සඳහා යොදා ගන්නා මිශ්‍ර පොහොර මිලත් සියයට 50කින් පහළ බසී

    මාර්තු 29, 2023

    එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුලු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් මේ වනවිට සියයට 50කින් පහළ ගොස් ඇති බවකොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට (28) දැනුම් දී ඇත.

    වී හා බඩඉරිඟු වගාවන් සඳහා රජයේ පොහොර වැඩසටහන යටතේ රසායනික පොහොර ලබා දුන්නද, අනෙකුත් බෝග සඳහා යොදන පොහොරනොමැතිවීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ.

    එම කාරණය සැළකිල්ලට ගනිමින් වී හා බඩඉරිඟු හැර අනෙකුත් බෝග සඳහා භාවිත කළ හැකි මිශ්‍ර පොහොරක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යමහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරුන්ට උපදෙස් දී ඇත.

    ඒ අනුව දැනට වෙළෙද පොලේ අලෙවි කෙරෙන මිශ්‍ර පොහොර මිල ගණන්වලට වඩා විශාල අඩු මුදලකට ගුණාත්මක බවින් ඉහළ නව මිශ්‍ර පොහොර වර්ගකිහිපයක් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම හඳුන්වා දී තිබේ.

    මේ නිසා අද වන විට වෙළෙදපොලේ මිශ්‍ර පොහොර මිල ගණන් සියයට 50කින් පහළ ගොස් ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya