මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යක්කල වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලය අවට ප්‍රදේශය ආයුර්වේද කලාපයක් කිරීමට පියවර

    මාර්තු 29, 2023

    දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය වන යක්කල වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලය අවට ප්‍රදේශය ආයුර්වේද කලාපයක් බවට පත් කිරීම යථාර්තයක් කරලීම උදෙසා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගම්හී සහයෝගය ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි  මහතාගේ ප්‍රධානත්වයෙන් යක්කල වික්‍රමාරච්චි විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී (28) දින පැවැත්විණ.

    දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගත් දේශීය ආර්ථිකය නංවාලීමට දායක වන දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ සියලු පහසුකම් වලින් යුත් ප්‍රධාන කලාපයක් බවට මෙම ආයුර්වේද කලාපයට පත් කිරීමට නියමිත අතර එම කලාපය තුළදීදේශීය, පාරම්පරික හා ආයුර්වේද ප්‍රතිකාර සේවාවන්, පංචකර්මප්‍රතිකාර සේවාවන්, රූපලාවණ්‍ය ප්‍රතිකාර සේවාවන්, දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ අලෙවි කුටි, ඖෂධ පැළෑටි අලෙවිය, ප්‍රචාරණය, මිලදී ගැනීම මෙන්ම ප්‍රවර්ධන සේවා ඇතුළු සියලු සේවාවන්ජනතාව වෙත ලබා දීමට නියමිතය.

     

    මෙම සාකච්ඡාව ගම්පහ වික්‍රමාරච්චි විශ්ව විද්‍යලයේ කුලපති මහාචාර්ය රංජන ඩබ්. සෙනෙවිරත්න මහතා, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න යන මහත්වරුන් ඇතුලු විශ්ව විද්‍යාලීයමහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, දිවයිනේ ප්‍රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම්හීසාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ අතර එහිදීආයුර්වේද කලාපය පිහිටුවීමේ වැඩපිළිවෙල සඳහා ඖෂධ සමාගම්හී එකඟතාවය සහ සහයෝගය පළ කෙරුණු අතර එම සාකච්ඡාවෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත ආයුර්වේද කලාපයේ ස්ථානීය නිරීක්ෂණයක ගරු අමාත්‍යතුමන් ඇතුළු පිරිස නිරත විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya