මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ භේදයකින් තොරව සෑම දෙනාගේම සහාය ලබා දෙන්න- ජනාධිපති

    මාර්තු 22, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ භේදයකින් තොරව සෑම දෙනාගේම සහාය ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(22) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග එළඹී එකගතා පිළිබඳ ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ සභාගත කළේය. එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, තමා කිසිදු කොන්දේසියකින් තොරව රට ගොඩනැගීමේ අභියෝගය භාරගත් බවයි. මාගේ ආදරණීය රට ගොඩ ගන්නවා යන හැගීමෙන් එම අභියෝගය භාර ගත් බවද හෙතෙම සඳහන් කළේය.

    මේ සඳහා විවිධ අවස්ථාවල තමා විපක්ෂයේ සහාය ඉල්ලා සිටියද ඒ කිසිදු අවස්ථාවක ඒ සඳහා ඉඩක් නොලැබුණු බව හෙතෙම සඳහන් කළේය. අතීතය විවේචනය කිරීම මගේ කාර්යය නොවන බවත් තමා අනාගතය ගොඩානැංවී කෙරෙහි පමණක් අවධානය යොමු කරන බවද කීය.

    ''මේ බරපතළ අභියෝගය භාරගනිද්දි මා සතුව තිබුණේ අතීත අත්දැකීම් මතින් ගොඩනගාගත් විශ්වාසය පමණයි. මම වැටුණත් රට වැටෙන්නේ නෑ කියන අදහස ඇතිව මම අභියෝගය භාරගත්තා..."

    මේ එකඟතාවය නිසා මූල්‍ය විනය නීතිගත වෙනවා.දුෂණ වංචා පිටුදැකීමේ අලුත් නීති ඇතිවෙනවා රට අකර්මන්‍ය කරන්න සමහරු උත්සාහ ගත්තා’ ජනතාව පාරට දාන්න දඟ දැම්මා IMF එකඟතාවය ලබාගැනීමට ජනතාවගේ කැපවීම විශාල ශක්තියක් වුණා.මේ රටේ ජනතාවට මගේ ප්‍රණාමය.යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya