මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් 17 දින සිට ක්‍රියාත්මකයි

    මාර්තු 22, 2023

    දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව, පහත සඳහන් හේතු මත විශේෂ අභියාචනාවන්ට යටත් ගුරු භවතුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු 2023.04.17 දින සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    අ.පො.ස (සා/පෙළ) හා (උපෙළ) පන්තිවල ඉගැන්වීම් සිදු කරන ගුරුභවතුන්ගේ ස්ථානමාරු හේතුවෙන් දරුවන්ට යම් අගතියක් වේ නම් ඒ සම්බන්ධව විදුහල්පති මගින් ඉදිරිපත් කරන අභියාචනා විශේෂ අභියාචනා කමිටුවකින් නැවත සළකා බලනු ලැබේ.

    මෙතෙක් ලබා දී ඇති සියලුම තාවකාලික අනුයුක්ත 2023.06.30 දින දක්වා දීර්ඝ කෙරේ. එහෙත් 2023.06.30 දිනට පෙර ස්ථානමාරුවක් ලද ගුරුභවතුන් ස්ථාන මාරු ලිපිය ලැබුණු වහාම ඒ අනුව කටයුතු කළ යුතු වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya