මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරිපත් කරන නීති රෙගුලාසි මගින් නව ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා

    මාර්තු 21, 2023

    ඛනිජ තෙල් සම්බන්ධයෙන් අද (21) ඉදිරිපත් කරන නීති රෙගුලාසි මගින් නව ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    මෙතෙක් කල් අප කර තිබෙන්නේ, අපේ සම්පත් ප්‍රයෝජනයට නොගැනීම බවද හෙතෙම පෙන්වා දුන්නේය.
    මන්නාරම් සහ කාවේරි ද්‍රොණිවල ස්වභාවික වායු නිධි තිබෙන බවට 2011 වසරේ සොයා ගත් බවත්, අද දවසසේ මෙම රෙගුලාසි සම්මත වීමෙන් ලෝක වෙළෙඳපළ ප්‍රබලයින්ට මෙරට ආයෝජනය කිරිමට අවස්ථාව ලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    ඒ අනුව ඉදිරියේ දි ඛනිජ තෙල් ආයෝජනය කරන මට්ටමට ගමන් කිරීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya