මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස 7ක් වැනි කෙටි කාලයකදී ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සහයෝගය ලබා ගැනීමට හැකි වූ පළමු රට ශ්‍රී ලංකාවයි

    මාර්තු 21, 2023

    මාස 7ක් වැනි කෙටි කාලයක් තුළදී ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් සහයෝගය ලබා ගැනීමට හැකි වූ පළමු රට ශ්‍රී ලංකාව බව සභානායක,අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග කිහිපයක් පිළිබඳ අද (21) පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් සභානායකවරයා මේ බව පැවසීය.

    මේ සඳහා රජය කැපකිරීම ගණනාවක් සිදු කළ බවද හෙතෙම පෙන්වා දුන්නේය. මන්නාරම් ද්‍රොණියේ තිබෙන ස්වභාවික වායු නිධි , මෙරටට ආයෝජයකයින් ගෙන්වා ගැනීමට හොඳ අවස්ථාවක් බවද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වැඩිදුටත් පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ,

    මේ සම්බන්ධයෙන් ආයෝජනය කිරීමේදී රජයේ මුදල් වැය වන්නේ නැහැ. පහුගිය කාලයේ විශාල ගැටලුවක් තිබුණා ආයේජකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්. මෙය ඒකට හොඳ අවස්ථාවක්. 2011 මන්නාරම් ද්‍රොණියේ සිදු කරන ලද ගවේෂණ වලින් ස්වභාවික වායු නිධි සොයා ගැනීමට සමත් වුණා. එහෙත් මේ සම්බන්ධයෙන් වවිවිධ දුර්මත ඉදිරිපත් වුණා. මේ සම්බන්ධයෙන් සියල්ල නොසගවා ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාත ප්‍රකාශ කළා. මේ කාටත් අමතක වෙලා දින 3,4 තෙල් නැතිව පෝලිමේ හිටියා. එම තත්වය නැති කළේ රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ නිසා. තෙල් ගවේෂණය තවත් ශක්තිමත් කර වැඩි පිරිසකට මේ සඳහා අවස්ථාව ලබා දිය යුතු බවද හෙතම පනේවා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya