මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලැබුණු පසු මෙම ඇතැම් ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම ලබා ගත හැකියි

    මාර්තු 21, 2023

    මෙම වර්ෂය අවසන් වන විට රට පුරාම තිබෙන මාර්ග පද්ධතියේ දුෂ්කරතා අවම කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද(21) ප්‍රකාශ කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලැබුණු පසු මෙම ඇතැම් ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම ලබා ගත හැකි වනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීනි මුදිතා ප්‍රිශාන්ති මහත්මිය යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මාර්ග කිලෝ මිටර් ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බොහෝ මාර්ග වල ඉදිකිරීම් කටයුතු මේ වන විට නතර වී ඇති බවයි. කොවිඩ් වසංගතය,රට තුළ ඇති වූ මූල්‍ය අර්බදය සහ කොන්ත්‍රාත් කරුවන් සඳහා හිග බිල් පත් නොගෙවීම,ඉන්ධන අර්බුදය නිසා මෙලෙස ව්‍යාපෘතින් රැසක ඉදිකිරිම් කටයුතු අතර මග නතර වි ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව මෙළෙස වැඩ අවසන් නොවූ ව්‍යාපෘති වල වැඩ විෂය සම්පූර්ණ කර, මෙම වසර අවසානයේදී මාර්ගය භාවිතා කළ හැකි පරිදි මාර්ග පෘෂ්ඨය සකස් කර වැඩ අවසන් කිරීමට සැළසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ;

    රජයේ මුදල් නොලැබීම නිසා සිය දිවි නසා ගත් කොන්ත්‍රාත්කරුවෝත් ඉන්නවා. එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවිය යුතු , හිග බිල්පත් සඳහා මුදල් ගෙවනවා. ඔවුන් එම මුදල් ලබා ගැනීමට අමාත්‍යංශයට එන්න අවශ්‍ය නැහැ. එම කොන්ත්‍රාත් කරුවන්ගේ ගිණුමට එම මුදල් බැර කරනවා. කිසිදු අමතර මුදලක් ඒ සඳහා අය කරන්නේ නැහැ. එම කටයුතු වඩාත් විනිවිදභාවයෙන් සිදු කරන බවය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya