මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    IMF මුල්‍ය පහසුකම මෙරටට ලැබීමෙන් රට පිළිබඳව විශ්වාසයක් ඇතිවෙනවා - කැබිනට් ප්‍රකාශක

    මාර්තු 21, 2023

    රටේ ණය ගෙවීම පිළිබඳව එකඟතාවයක් තවමත් ඇතිකරගෙන නොමැති අතර ප්‍රංශයේ ලසාඩ් සමාගම, ක්ලිෆෙර්ඩ් හාන්ස් සමාගම ජාත්‍යන්තර විශේෂඥයින් හා මෙරට විශේෂඥයින් එකතුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා සිදු කරනු ඇති බව ජනමාධ්‍ය හා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (21) ප්‍රකාශ කළේය.


    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    මෙම මුල්‍ය පහසුකම ලබා දෙන්නේ රාජ්‍ය මුල්‍ය ස්ථායිකරණය ඇතිකර ගැනීමට, ආර්ථික වර්ධනය උදෙසා වන විභවයන් ඇතිකර ගැනීමට, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය මෙන්ම දුෂණය පිටුදැකීම වැනි කරුණු කාරණා හේතුකරගෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ඒ අනුව, මේ මඟින් ලැබෙන විස්වාසය තුළ මෙරට අතරමඟ නවතා දමා ඇති ව්‍යපෘති ණය ආදී වූ සියල්ල ලැබෙන බවත්, එමඟින් මෙරට නැවත ව්‍යාපෘති සියල්ල ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් හෙතෙම පැවසු අතර IMF මුල්‍ය පහසුකම මෙරටට ලැබීමෙන් රට පිළිබඳව විශ්වාසයක් ඇතිවෙන බවත් ඉන්පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී වූ ප්‍රවාහයන්ගෙන් මෙරටට මේ වසර අවසානය වන විය ඩොලර් බිලියන 07 ක පමණ මුල්‍යයක් රටට ගලා එනු ඇති බවට විද්වත්හු මත පළ කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya