මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව රට පිළිබඳව ජාතික එකඟතාවයක් ඇති කර ගැනීම වැදගත් - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මාර්තු 21, 2023

    IMF ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඒ සියල්ල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව ජනමාධ්‍ය හා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (21) ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුදල් පිලිබඳ බලය ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යි. ඒ අනුව මෙම වැඩපිළිවෙලේ විශේෂත්වය වන්නේ මාස 48 ක කාලපරිඡේදය තුළ ලංකාව තුළ දේශපාලන මතිමතාන්තර වලින් තොරව එකඟ වූ වැඩසටහන ක්‍රියාත්මක විය යුතුම බවත්, එසේ නොමැතිවුවහොත් අන්තර්ජාතික වශයෙන් ලෝකය සමඟ ගණුදෙනු කිරීමට ශ්‍රී ලංකාවට නොහැකිවනු ඇති බවත් හෙතෙම පැවසීය.

    එමෙන්ම, මෙම අත්සන් කරන ගිවුම සම්බන්ධව කවුරුන් හෝ විරුද්ධ ද එසේනම් විරුද්ධ වීම සම්බන්ධව සහ තනිතනි දේශපාලන පක්ෂ වල මතය පාර්ලිමේන්තුවේ සටහන් කර තැබීම වැදගත් වනු ඇතැයි ද, ගිවිසුම සමඟ එකඟ වන කොන්දේසි මෙවර ඉටු කිරීමට කටයුතු කළ යුතු බවත්, මිට පෙර දහසය වතාවක් අන්තර්ජාතික මුල්‍ය අරමුදල රවටා ඇති හෙයින් එහි ප්‍රතිඵලයක් ලෙස මිට වඩා දරුණු අගාධයකට රට ඇද වැටෙනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

    ඒ අනුව, දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව රට පිළිබඳව ජාතික එකඟතාවයක් ඇති කර ගැනීම වැදගත් වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya