මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිව්රුම් ප්‍රකාශයක් ගෙන වැටුප් ලබා දීමට බලාපොරොත්තු වෙනවා- පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

    මාර්තු 21, 2023

    පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඔවුන්ට ගෙවිය යුතුය යන මතයේ රජය සිටින බව පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී අද(21) පැවසීය.

    මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් වැඩිදුර උපදෙස් ඉල්ලා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජානක වක්කුඹුර මහතා මේ බව පැවසීය.

    මාසික වැටුප නොගෙවීමෙන් ඔවුන්ට අසාධාරණයක වී තිබෙන බව අපි පිළිගන්නවා. මැතිවරණ කොමසාරිස් වරයා විසින් දන්වා ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 102 වගන්තිය යටතේ ඔවුන්ට නැවත සේවයට යන්න බැහැ කියලා. ඒත් ඔවුන්ට මූලික වැටුප පමණක් ගෙවීමට උපදෙස් දී තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවයට යන් නැතිව ගෙදර ඉඳන් දේශපාලනය කරන අයට වැටුප් ගෙවීමේදී යම් ගැටළුවක් මතු වෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා.

    ඇල්පිටිය ප්‍රාෙද්ශීය සභාවේ මෙවැනි තත්වයක් ඇති වුණා. ඒත් එදා කැබිනට් පත්‍රිකාවක් දාල වැටුප් ගෙව්වා. එහෙත් අද එවැන්නක් කරන්න බැහැ. ඊට හේතුව තමයි මැතිවරණ කොමසාරිස්වරයා අප්‍රේල් 25 කියා දිනයක් ලබා දීම.මෙම දිනය නිසා රාජ්‍ය සේවකයන්ට අසාධාරණයක් වී තිබෙනවා. අපිත් ඉන්නේ මෙම වැටුප දෙන්න ඕන කියන මතයේයි.

    ඒ අනුව එම රාජ්‍ය සේවකයින්ගෙන් රාජ්‍ය සේවයේ සිටින අවස්ථාවේදී දේශපාලනය නොකරන බවට දිව්රුම් ප්‍රකාශයක් ගෙන එම වැටුප ඔවුන්ට ලබා දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya