මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රම වෙළඳපොලේ ශ්‍රමිකයින් සදහා වන ඉල්ලුම පිළිබද අධ්‍යයනය කිරීමට කමිටුවක් - විදේශ රැකියා අමාත්‍ය

    මාර්තු 20, 2023

    ශ්‍රම වෙලදපොලේ ශ්‍රමිකයින් සදහා වන ඉල්ලුම පිළිබද පුරෝකතනය කිරීම සදහා වන අධ්‍යයනයන් නොමැතිවීම රටේ මානව සම්පත කළමනාකරණය කිරීමේදී සෘණාත්මකව බලපාන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් හඳුනාගෙන තිබේ.

    ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය දා CIPM ආයතනය සමඟ පැවති සාකච්ඡාවේ දී ය.

    එහි දී මෙම අධ්‍යයනය කිරීම සදහා කමිටුවක් පත් කිරීමට කටයුතු කිරීමටත් මානව සම්පත කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය තීරණ කේන්ද්‍රීයව ගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා වෙතත් උපදෙස් දෙන ලදී.

    ශ්‍රම වෙළදපොලේ ඉල්ලුම හා සැපයුම සම්බන්ධයෙන් වන අධ්‍යනයක් කිරීම ශ්‍රම වෙළදපොල සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති තීරණ ගැනීමටත්, වෘත්තීය අධ්‍යාපන ඉලක්ක සකස් කිරීමටත් වැදගත් වන කරුණකි.

    මෙම අධ්‍යයනය සිදු කිරීම සදහා CIPM ආයතනය එකගතාවයකට පැමිණ ඇති අතර නිවරදි දත්ත මත පදනම්ව එම අධ්‍යනය කිරීම සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබා දීමට ද කටයුතු කෙරේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya