අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ව්‍යාපාරික සංගමය උද්ඝෝෂණවලට සහයක් ලබා දෙන්නේ නැහැ - කොළඹ ව්‍යාපාරික සංගමයේ මහලේකම් චමින්ද විදානගමගේ

    මාර්තු 13, 2023
    පසුගිය සමයේ රට තුළ ඇති වූ අර්බුද හේතුවෙන් මෙරට ආර්ථිකය ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබු අතර නැවත ක්‍රමක්‍රමයෙන් එම තත්ත්වය පහව යමින් තිබෙන මොහොතක ඩොලරයේ අගය පහත වැටීමත්, රුපියල ශක්තිමත් වීමත් ඉතාමත් සුභදායි පණිවිඩයක් රටට, ව්‍යාපාරික ප්‍රජාවට ලබා දෙන බව කොළඹ ව්‍යාපාරික සංගමයේ මහලේකම් චමින්ද විදානගමගේ මහතා පැවසීය.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ ව්‍යාපාරික සංගමය අද පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
     
    එමෙන්ම, කඩාවැටී තිබෙන රට යථාතත්වයට පත් වෙමින් තිබෙන මොහොතක එය නැවත කඩාවැටීමට ලක් නොකර රටේ ආර්ථිකය නැංවීම කළ යුතු බවත්, වෘත්තීය සමිති සංගම් වලින් කළ යුත්තේ තම සංගමය ලාභ ලබන තත්ත්වයකට පත් කිරීම බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.
     
    ඒ අනුව, තවදුරටත් සඳහන් කරමින් මහේෂ් විදානගමගේ මහතා පැවසුවේ කොළඹ ව්‍යාපාරික සංගමය තුළ විවිධ දේශපාලන මතදරන්නන් සිටින නමුත් මෙම සංගමය තුළ දේශපාලනයක් නොමැති බවත්, තම සංගමය පවත්නා රජයන් සමඟ සහයෝගයෙන් යුතුව වැඩකටයුතු කරන බවත්, එසේවුවත් කිසිඳු උද්ඝෝෂණයකට කොළඹ ව්‍යාපාරික සංගමය සහයක් ලබා නොදෙන බවත් අවධාරණය කළේය.
     
    කොළඹ ව්‍යාපාරික සංගමයේ භාණ්ඩාගාරික මහේෂ් අලවත්ත, එම සංගමයේ විධායක කමිටු සාමාජික නසාර් මොහොදීන් යන මහත්වරුන් මෙම මාධ්‍ය ස්කඡාවට සහභාගී විය.
     
     
     
     
     
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya