අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිදීගම සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට

    මාර්තු 13, 2023

    ඓතිහාසික රිදීගම රාජ මහා විහාරය ආශ්‍රිත රිදීගම සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රදේශයේ ආරාධිත කලා ශිල්පීන් ගේ ප්‍රධානත්වයෙන් (11) දා රිදීගම සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් රන ලදි.

    එහි දී ප්‍රථමයෙන්ම ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ ප්‍රවීන මුද්‍රා නාට්‍ය ශිල්පී නාට්‍ය විශාරද නිමල් නවරත්න මැතිතුමන්, ප්‍රවීන ලේඛිකා චන්ද්‍රා පිටියේගෙදර මැතිණිය ඇතුළු ප්‍රදේශයේ ප්‍රවීන කලා ශිල්පීන්, අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ඉමහත් ගෞරවයෙන් පිළිගණු ලැබිණි.

    එම කලා ශිල්පීන් විසින්ම තම ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථාන සමරු ඵලකය නිරාවරණය කිරීමත් විශේෂත්වයක් විණි.. ප්‍රදේශයේ දරුවන්ගේ ගායන නර්තනාංග වලින් අලංකාරවත් වූ මෙම අවස්ථාව තුළින් ප්‍රදේශයේ අනාගත දරුපරපුරට, විශාල පිරිසක් මැද තම හැකියාවන් ඉදිරිපත් කිරීමට ලැබීමම සුවිශේෂී අත්දැකීමක් බවට පත්විය.මෙම අවස්ථාව සඳහා ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ වින්සද් වාර්ගික කාරක සංඝ සභික, ඓතිහාසික රිදීගම රාජ මහා විහාරය ඇතුළු විහාරස්ථාන කිහිපයක භාරකාරත්වය දරණ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් මෙය පැවැත්විණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya