අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවලංගු රැකියා නියෝජිත බලපත්‍රයක් මගින් කාන්තාවක් විදේශ ගතකිරීම සිදුකළ තැනැත්තියක් අත්අඩංගුවට

    මාර්තු 12, 2023

    අවලංගු රැකියා නියෝජිත බලපත්‍රයක් මගින් කාන්තාවක් විදේශ ගතකිරීම සිදුකළ තැනැත්තියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත 1985 අංක 21 උප වගන්තිය අංක 29 අනුව, විදේශ රැකියා නියෝජිතායතන වෙත නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම නිකුත් කරන ලද දින සිට මාස 12ක කාලයක් බලාත්මක විය යුතුය.

    එසේම උප වගන්තිය 30 අනුව කාර්යාංශ පනතේ සහ ඒ යටතේ සඳහන් යම් නිර්නායක හා පනත යටතේ බලපත්‍රලාභියා ඇතුළත් වූ යම් ගිවිසුමක හෝ බැඳුම්කරයක විධිවිධාන බලපත්‍රලාභියා විසින් පිළිපැදිය යුතුව ඇත.

    එසේ පිළිපදින ලද බවට කාර්යාංශය විසින් සිදු කරගනු ලබන තහවුරුව අනුව, අදාල වර්ෂය තුළදී කාර්යාංශ පනතේ විධි විධානයන්ට අනුව බලපත්‍රලාභියා කටයුතු කර ඇති බවට කාර්යාංශය සෑහීමකට පත්වන්නේ නම් විදේශ රැකියා නියෝජිත ආයතනයන්හි බලපත්‍රය අලුත් කිරීම, නියමිත ගාස්තු අය කිරීමෙන් අනතුරුව සිදුකරනු ලබන කටයුත්තකි.

    මෙම නියෝගය කඩකරමින් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන යන ලද රැකියා නියෝජිතායතන වැටලීම කාර්යාංශයේ විමර්ශන අංශය විසින් සිදුකරනු ලබන අතර, එයට අනුව බලපත්‍රයක් නොමැතිව මරදාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අයි. ආර්. ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ආයතනයේ බලපත්‍රලාභිනියව සිටි කාන්තාවගේ නැගණිය විසින් ගෘහස්ථ රැකියා සඳහා කාන්තාවක් යොමු කිරීමේ පැමිණිල්ලකට අනුව 2023.03.07 දින අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව 2023.03.08 දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    එහිදී ඒ පිළිබඳව කරුණු විමසා බැලූ අධිකරණය ලක්ෂ 5ක ශරීර ඇප මත අදාල සැකකාරිය මුදා හැර ඇති අතර, වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් මස 4 දින එම නඩුව යළි කැඳවීමට නියමිතය.

    යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට විදේශ රැකියා සඳහා යාමට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය කාර්යාංශයේ ලියාපදිංචි නීත්‍යානුකූල ආයතනයක්ද යන්නත්, අදාල රැකියා ඇණවුම් එම ආයතනය වෙත ලැබී ඇතිද යන්න සොයා බලන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් හෝ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස අදාල රැකියා නියෝජිතායතනයේ නීත්‍යානුකූලභාවය පරික්ෂා කරන මෙන් මහජනතාව දැනුවත් කරයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya