අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආංශික අධීක්ෂණ කාරක සභා හතරකට අදාළව නව සභාපතිවරුන් පත් කෙරේ

    මාර්තු 11, 2023

    තවත් ආංශික අධීක්ෂණ කාරක සභා හතරකට අදාළව නව සභාපතිවරු පත් කර ගැනීම (09) පාර්ලිමේන්තුවේදී සිදුවිය.

    මේ අනුව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නව සභාපතිවරයා වශයෙන් පිළිවෙළින් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කෙරිණි.

    එසේම භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පාර්ලි‍මේන්තු මන්ත්‍රී ගරු බුද්ධික පතිරණ මහතා තේරී පත් වූයේ පිළිවෙළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු උදය ගම්මන්පිල සහ ගරු කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි.

    මේ අතර ‘බලශක්ති හා ප්‍රවාහන කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ’ සභාපතිවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා තේරී පත් විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා විසින් ඉදිරිපත් කළ එම යෝජනාව ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා විසිනි.

    එසේම ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා තේරී පත් විය.

    පිළිවෙළින් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඒ මහතා පත්කෙරිණි.
    පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා යන මහත්වරු මෙම රැස්වීම්වලට සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya