මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තහනම් මත්පෙති 700 ක් සමඟ පුද්ගලයෙකු නීතියේ රැහැනට

    පෙබරවාරි 13, 2023

    ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්ව 2023 පෙබරවාරි මස 10 වන දින ත්‍රිකුණාමලය, පුල්මු‍ඩේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, අලෙවි කිරිම සඳහා පෞද්ගලික බස් රථයකින් රැගෙන යමින් තිබූ Prescription Drug (PREGAB) වර්ගයේ මත්පෙති 700 ක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.

    ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය, කුච්චවේලි පොලීසිය හා එක්ව සිදුකල මෙම මෙහෙයුමේදී, ත්‍රිකුණාමලය සිට පුල්මුඩේ දක්වා ගමන් කළ පෞද්ගලික බස් රථයක සිටි සැක කටයුතු පුද්ගලයෙකු පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම පුද්ගලයා විසින් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි Prescription Drug (PREGAB) වර්ගයේ මත්පෙති 700 ක් සමඟ, එම සැකකරු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වන නිලාවේලි, ගෝපාලපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ තහනම් මත්පෙති වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා කුච්චවේලී පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya