මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් සැමරුම් සංස්කෘතික මංගල්‍යය යාපනයේ දී

    පෙබරවාරි 13, 2023

    75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව “යාපනය දිස්ත්‍රික් සංස්කෘතික මංගල්‍යය” දැවැන්ත සංගීත ප්‍රසංගයක් ද සමගින් (11)රාත්‍රියේ යාපනය කොටුව අසළ මුට්රවෙලි එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.

    මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

    උතුරු පළාතේ දමිළ සංස්කෘතිය විදාහ පාමින් අංග රැසක් සංස්කෘතික උළෙලට එක්කර තිබූ අතර, අවසානයේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි. මේ සඳහා යාපනය ජනතාව විශාල පිරිසක් සහභාගි වී සිටි අයුරු දක්නට ලැබිණි.
    දකුණු ඉන්දීය කලාකරුවන් කිහිප දෙනෙකුම මෙම සංගීත ප්‍රසංගයට එක්ව සිටීම විශේෂත්වයකි.

    ඉන්දීය ධීවර රාජ්‍ය අමාත්‍ය එල්. මුරුගන් මහතා ද, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ උතුරු පළාත නියෝජනය කරන මහජන නියෝජිතයින් ද, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු විදෙස් නියෝජිතයින් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක අංශ ප්‍රධානීහු ප්‍රමුඛ සම්භාවනීය ආරාධිතයින් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.


    මේ අතර 75 වන නිදහස් දිනයට සමගාමීව නිදහස් සමරු පෙළපාලියක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී  (11) පස්වරුවේ පැවැත්විණි.
    උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම එක් කර ගනිමින් මෙම පෙළපාලිය සඳහා විවිධ නර්තන අංග එක් කර තිබීම ද විශේෂත්වයක් වන අතර උතුරු පළාතේ පාසල් සිසු දරු දැරියන් ද ඊට එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya