මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ජනතාව ගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය ප්‍රමුඛතාවය ලබා දී තිබෙනවා - තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 13, 2023

    කුමන ආර්ථික දුෂ්කරතාවයන් පැවැතිය ද, ග්‍රාමීය ජනතාව ගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය ප්‍රමුඛතාවය ලබා දී ඇතිබව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරයි.

    ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සාධනීය බලපෑමක් සුදුකරන බවත් විශේෂයෙන් මගී ප්‍රවාහනය එහි ප්‍රධාන වන බවත් කනක හේරත් මහතා පෙන්වා දෙයි.

    දිවයින පුරා සැලකිය යුතු ලෙස ග්‍රාමීය මාර්ග නිසි ලෙස සංවර්ධනය වී තිබුණ ත්, එම ග්‍රාමීය මාර්ග වල තව දුරටත් පවතින මගී දුෂ්කරතා අවම කිරීම ට පියවර ගෙන ඇති බවද හෙතෙම කියා සිටියි.
    රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව කියා සිටියේ ,(12) පෙරවරුවේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රණවන ගම්මානයේ සිට කෑගල්ල නගරය දක්වා නව බස් රථයක් ධාවනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

    ඉන්දියානු ණය ආධාර පහසුකම් යටතේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ රඹුක්කන ඩිපෝවට ලැබුණු බස් රථ අතුරින්, එක් බස් රථයක් මෙලෙස රණවන ගම්මානයේ සිට කෑගල්ල නගරය දක්වා ධාවනය ට යොදවනු ලැබීය.
    මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කනක හේරත් මහතා පැවැසුවේ ග්‍රාමීය ජනතාව ගේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජය විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතිබවයි. ග්‍රාමීය ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගන්නා ප්‍රයත්නය ද කනක හේරත් මහතා මෙහිදී ගෞරවණීය ලෙස සිහිපත් කළේය.

    මෙම අවස්ථාවට රඹුක්කන ඩිපෝ අධිකාරි ජනවංශ නවරත්න මහතා ඇතුළු ප්‍රදේශ වාසීහු සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya