මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික අපහසුතා පවතින තරුණ ප්‍රජාව උදෙසා නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙලක්

    පෙබරවාරි 13, 2023

    ආර්ථික අපහසුතා පවතින තරුණ ප්‍රජාව උදෙසා නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

    ‍ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (10 දා) පැවති නැගෙනහිර පළාත් සභාව සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ප්‍රවේශ වැඩසටහනේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    තාරුණ්‍ය බලගැන්වීම උදෙසා පැවැත්වූ මෙම වැඩසටහනේදී පවතින භෞතික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම පිළිබඳවත්, විදේශ රැකියා (කොරියාව, ජපානය) අපේක්ෂිත තරුණ ප්‍රජාව උදෙසා භාෂාව පමණක් නොව විෂයානු බද්ධ අනෙකුත් දෑ ඇතුළත් පැකේජයක් සකස් කිරීමත්, දින හතම තරුණ ප්‍රජාවගේ අධ්‍යාපනය උදෙසා වෘත්තීය පුහුණු ලබා දෙන ආයතන විවෘතව තැබීමත්, ක්‍රීඩා සංචිත සදහා ලබා දෙන මුල්‍ය ප්‍රදාන පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ.

    තවද අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ ආනයනය කිරීම සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමකට කටයුතු කර ඇති බවත්, ක්‍රීඩා උපකරණ සදහා බදු සහන ලබා ගැනීම සදහාත් අවධානය යොමු කර තිබේ.

    වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ජාතික තරුණ සේවා සභාව, පළාත් සභාව, ජාතික යොවුන් සේනාංකය, කුඩා ව්‍යාපාර අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන ආයතනවල ඒකාබද්ධ දායකත්වයෙන් දීප ව්‍යාප්තව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන අතර උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම හා ඌව යන පළාත් වල මෙම වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කොට ඇත.

    මේ සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහන්පත් මහත්මිය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.පී. මහේෂන් මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා, නැගෙනහිර පළාත් දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක මහතා, ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජේ. ශ්‍රී රංගා මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ඇතුළුව රේඛීය ආයතන නියෝජනය කරමින් නිලධාරි මහත්ම මහත්මීන් සහභාගී වූහ.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya