මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරාන 44 වන ජාතික දින උත්සවය කොළඹ ඉරාන තානාපති නිල නිවසේ දී

    පෙබරවාරි 12, 2023

    ඉරාන 44 වන ජාතික දින උත්සවය කොළඹ ඉරාන තානාපති නිල නිවසේ දී පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    44 වැනි ඉරාන ජාතික දින උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ප්‍රකාශ කළේ, ඉරානය හා ශ්‍රි ලංකාව අතර දීර්ඝකාලීන මිත්‍රත්වය තව දුරටත් වර්ධන කර පවත්වගෙන යා යුතු බවයි.එසේම වසර 60 කට වඩා පැරණි අප රටවල් දෙක අතර මිත්‍රත්වය සහ 1975 වසරේ ආරම්භ වු රාජත්‍රාන්තික සම්බන්ධතාවයන් ඉතා ඵලදායි හා මිත්‍රත්වයෙන් යුතුව කටයුතු කර තිබෙන බවත් අමාත්‍ය වරයා සදහන් කළේය.

    මෙම අනෝන්‍ය සම්බන්ධතාවය ඉදිරියටත් වර්ධනය වේවා කියා තමා ප්‍රාර්ථනය කරන බවත් රටවල් දෙක අතර හුවමාරුව, අනෝන්‍ය අවබෝධතාවයන්,සම්බන්ධතාවයන් අධ්‍යාපන සංස්කෘතික වගේ ම ව්‍යපාරික සම්බන්ධතාවයන් ද වර්ධනය විය යුතු බවත් අමාත්‍යවරය සදහන් කළේය. රටවල් දෙක අතර පැවතුණු සංස්කෘතිකමය වටිනාකම් හුවමාරු වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම සඳහා අප කටයුතු කළ යුතු බව ඉල්ලා සිටින බවත් ඉරානයේ අධ්‍යාපන වැඩ සටහන් ක්‍රමය ශ්‍රි ලංකාවේ පැවතුන බවත් එය තවත් වර්ධනය කළ යුතුයැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya