මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් කථානායකවරයා හමුවෙයි

    පෙබරවාරි 11, 2023

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්, ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ (Global Green Growth Institute (GGGI) ) වත්මන් සභාපති බෑන් කී මූන් මහතා (07) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

    පාර්ලිමේන්තුවට පැමිණි බෑන් කී මූන් මහතාව පිළිගනු ලැබුවේ නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසිනි.

    ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ (GGGI) සභාපතිවරයා ලෙස බෑන් කී මූන් මහතා මෙහිදී හරිත සංවර්ධනය, තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ අතර කාබන් අවම තිරසාර සංවර්ධනයක් සහිත ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා නව්‍ය හවුල්කාරිත්වයක අවශ්‍යතාවය පෙන්වා දුන්නේය. දේශපාලනය තුළ ප්‍රතිපත්ති සකස් කිරීමේදී හරිත සංවර්ධන ආකෘතියක් අනුගමනය කිරීමත් ඒ සදහා සඳහා අවශ්‍ය හඩ පාර්ලිමේන්තුව තුළින්ම නැඟිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

    මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම විෂයට අදාළ නිලධාරීන් අතර පුළුල් දැනුවත්භාවයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් කථානායකවරයා එම ඉලක්කයන් සපුරා ගැනීම සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය.

    පැවති සුහද සාකච්ඡාවෙන් අනතුරුව බෑන් කී මූන් මහතා, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියොන්ග් මහතා සහ GGGI අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෆ්‍රෑන්ක් රිජ්ස්බර්මන් මහතා ඇතුළු දූත පිරිස පාර්ලිමේන්තු සභා ගර්භයේ සංචාරයක ද නිරත විය.

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, ජනාධිපති ප්‍රධාන උපදේශක දිනේෂ් වීරක්කොඩි, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya