මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ නව සේවා ස්ථානය ඇරඹේ

    පෙබරවාරි 11, 2023

    ආගමික සහජීවනය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ නව සේවා ස්ථානයේ සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ - 10, ටී.බී. ජයා මාවතේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ලෙහිම ආරම්භ විණි.

    මෙහි දි ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් සහ ව්‍යාපෘතීන් පිලිබඳව අමාත්‍යවරයාගේ අවධානයට ලක්විණි.

    සේවා ස්ථානය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා අති උතුම් දේව ධර්මාචාර්‍ය අගරදගුරු පදවියේ සහයක රදගුරු මැක්ස්වල් ග්‍රැන්විල් සිල්වා හිමිපාණන්, ජාතික කතෝලික රදගුරු සම්මේලනයේ මහ ලේකම් ගරු ටෝනි මාර්ටින් පියතුමා, ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය නියෝජනය කරමින් ගරු හේශාන් ද සිල්වා පියතුමා ඇතුළු පූජා ප්‍රසාදීන් වහන්සේ ලා ද, අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඇතුළු හින්දු, මුස්ලිම්, බුද්ධ ආගමික කටයුතු දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.චතුරි පිංතු ඇතුළු ආයතන ප්‍රධානීන්, කාර්යමණ්ඩල මහත්ම මහත්මීන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටිය හ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya